ශ්‍රී ලංකාවේ පිපිරීම්: “මේ සැකකරුවන් ගැන තොරතුරු වෙතොත් පොලිසියට කියන්න”

-

Image copyrightSRI LANKA POLICE

පාස්කු ඉරිදා (අප්‍රේල් 21) එල්ල වූ ප්‍රහාරවලට සම්බන්ධ යැයි සැක කෙරෙන පහත සඳහන් පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත අවශ්‍යව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක්Image copyrightSRI LANKA POLICE
Image captionමොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක්
ෆාතිමා ලතීෆාImage copyrightSRI LANKA POLICE
Image captionෆාතිමා ලතීෆා
මොහොමඩ් ඉවුහයිම් ෂහිඩි අබ්දුල්හක්Image copyrightSRI LANKA POLICE
Image captionමොහොමඩ් ඉවුහයිම් ෂහිඩි අබ්දුල්හක්
පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරාImage copyrightSRI LANKA POLICE
Image captionපුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා
Image captionඅබ්දුල් කාදර් ෆාතිමා කාදියා
මොහොමඩ් කාසීම් මොහොමඩ් රිල්වාන්Image copyrightSRI LANKA POLICE
Image captionමොහොමඩ් කාසීම් මොහොමඩ් රිල්වාන්

ඔවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් අංක වෙත දැනුම් දෙන ලෙසත් පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

  • 0718591771
  • 0112422176
  • 01122395605

පිපිරීම් සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 76 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

බදාදා (අප්‍රේල් 24) සිට බ්‍රහස්පතින්දා පස්වරුව වනවිට සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කළේය.

එසේම කොළඹ නගරය තුළ මෙන්ම රට පුරා සෝදිසි මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක කරමින් සැක කටයුතු පුද්ගලයන් මෙන්ම සැක කටයුතු වාහන පරික්ෂා කරන බව පොලිසිය බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අත තිබී ගිනි අවි, ජීව උණ්ඩ, පණිවුඩ හුවමාරු යන්ත්‍ර මෙන්ම කැබ් රථයක් ද සිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිවිසුම් මාර්ගය අද පෙරවරුවේ තාවකාලිකව වසා දැමුණු අතර සෝදිසි මෙහෙයුමකින් අනතුරුව එය යළි විවෘත කර තිබේ.

පොලිසිය පවසන්නේ සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම සඳහා මාර්ගය තාවකාලිකව වසා දැමුණු බවය.

මේ අතර ආරක්ෂක අංශ මඟින් සිදු කරනු ලබන සෝදිසි මෙහෙයුම් සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත් අනවශ්‍යය ලෙස කලබලයට පත් නොවන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

බදාදා පස්වරුවේ බළංගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු සන්තකයේ තිබී කල් ඉකුත් වූ පාර්ලිමේන්තු අවසරපත් හයක් ,පාර්ලිමේන්තුවේ සැලැස්ම අන්තර්ගත සිතියම් දෙකක් , T56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ, ටැබ් පරිඝනකයක්, දුරකථන සිම්පත් නවයක්, ජංගම දුරකතන දෙකක්, අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ගමන්කරමින් සිටි කැබ් රථය ද සිය භාරයට ගත් බව පොලිසිය පවසයි.

මේ අතර “ත්‍රස්තවාදයට එරෙහිව” ආරක්ෂක මෙහෙයුම්වලට අදාළ තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ආරක්ෂක

ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන මෙහෙයුම් සහ විමර්ශන කටයුතු පිළිබඳ අවිධිමත් සන්නිවේදන ඔස්සේ විවිධ වාර්තා වීම් හේතුකොට ගෙන මහජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්වීම විමර්ශන කටයුතුවලට ද බාධාවක් ලෙස ආරක්ෂක අංශ හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

එමෙන්ම මෙහෙයුම් කටයුතුවලට අදාළව ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරනු ලබන කෙටි පණිවුඩ, කටකතා හා වෙනත් අවිධිමත් සන්නිවේදන හේතුවෙන් මහජනතාව දැඩි ලෙස කලබල වීම ඔවුන්ගේ දෛනික කටයුතුවලට බාධාවක් බව බලධාරීහු කියා සිටිති.

එබැවින් විමර්ශන සහ මෙහෙයුම් කටයුතු පිළිබඳ මහජනතාව වෙත දැන්විය යුතු ඉතා වැදගත් තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරන ලද නිල ප්‍රවෘත්ති මගින් දැනුම්දීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළ සංචාරක හෝටල් වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරවලට හසුව මරණයට පත් සංඛ්‍යාව 350 කට අධිකය.

දශකයකට ඉහත දී අවසන් වූ සිවිල් යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය මෙයය. මරණයට පත් පිරිසෙන් බහුතරය ශ්‍රී ලාංකිකයන්ය. එමෙන්ම විදේශිකයන් තිස් අට දෙනෙකුවත් ප්‍රහාරවලට හසුව මරණයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ ‘ජාතික තව්හිත් ජමාත්’ නමැති කණ්ඩායමක් ප්‍රහාරය පිටුපස සිටින බවය.

මේ අතර සිය මාධ්‍ය ඒකකය හරහා නිවේදනයක් නිකුත් කරමින් අයිඑස් සංවිධානය අඟහරුවාදා (අප්‍රේල් 23) කියා සිටියේ ප්‍රහාරය පිටුපස සිටින්නේ තමන් බවය.

පිපිරීම් මාලාවත් සමග හදිසි නීතිය ක්‍රියාත්මක කෙරුණු අතර ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සදහා අවශ්‍ය බලතල බදාදා (අප්‍රේල් 24) සිට යුද්ධ හමුදාවට පවරා තිබේ.

එම බලතල අනුව, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ පැය 24ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට හමුදාවට බලය හිමි වේ.

බෝම්බකරුවන් පිළිබඳ තොරතුරු

සිතියම

ප්‍රහාර සඳහා සහභාගී වූ බෝම්බකරුවන්ගෙන් අට දෙනෙකු මේ වනවිටත් හඳුනාගෙ තිබේ.

මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ අයගෙන් එක් පුද්ගලයෙකු එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලැබුවෙක් බව හෙළිවී තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන බදාදා (අප්‍රේල් 24) මාධ්‍ය අමතමින් පැවසුවේ එම බෝම්බකරු ඔස්ට්‍රේලියාවේ ද අධ්‍යාපනය ලබා ඇති බවය.

එසේම ප්‍රහාර වලට සම්බන්ධ වූ නව දෙනාගෙන් අට දෙනෙක් හඳුනා ගත බව පොලීසිය පැවසීය.

ප්‍රහාරකයින් අතර එක් කාන්තාවක ද සිටින බව බලධාරීහු පවසති.

එසේම බෝම්බකරුවන් දෙදෙනෙකු සහෝදරයින් බවත් හෙළි වී ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කරති

BBCSINHALA

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here