බුද්ධි තොරතුරු වලට කට කතාවකට තරමේ වත් වටිනාකමක් ලැබී නෑ -ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

-

ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුවට මුල් වතාවට සහභාගී වෙමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය මෙසේය.

ජාතික ආරක්ෂාව පිලිබඳ  සර්වපාක්ෂික සමුළුව 2019 අප්‍රේල් 25

පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ සහාසික ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තත්වය සාකච්චා කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීම පිළබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෞරවය පුද කර සිටින අතර ඒ සඳහා සහභාගී වීමට අප පක්ෂය වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පල කර සිටින්නෙමු.

පසුගිය ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳවත් ඉන් පෙර,පසු තත්වය පිළිබඳවත් පවතින තත්වය හමුවේ  ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර සමගිය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට නිරන්තර සූදානමින් සිටින අප පක්ෂයේ අදහස් හා යෝජනා මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අපේ දර්ශනය සිංහල,දමිළ,මුස්ලිම්,මැලේ,බර්ගර් යන සියලු ශ්‍රී ලංකික පුරවැසි සහෝදරත්වයන්ට තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් රැක ගෙන නිදහසේ ජීවත්විය හැකි. සෞභාග්‍යමත් සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමයි.  ඒ අනුව වාර්ගික සුහදත්වය ආගමික සහජීවනය සහිතව ජිවත්වන නුතන ශ්‍රී ලංකීය ජාතිය නිර්මාණය කිරීම අපේ ඒකායන අපේක්ෂාවයි.

මානව සමාජයේ අනෙක් සියලු අයිතීන් තියෙන්නේ ජිවත් වීමේ අයිතියට යටින්. ඒ නිසා ජාතික ආරක්ෂාවට ඉහලින් කිසිවක් තියෙන්න බෑ. වාර්ගික සුහදත්වයආගමික සහජීවනය  ආදී මේ සියලු යහපත් මානව බැදීම් නිර්මාණය වන්නේ සුරක්ෂිත සමාජ වටපිටාවක් තුළ පමණයි. සංහිදියාව තියෙන්නෙත් ජාතික ආරක්ෂාව නැමති මහා පොදු සාධකය ඇතුලේ.

නමුත් පහු ගිය කාලේ ජාතික ආරක්ෂාව සහ ජාතික සංහිදියාව අතර ප්‍රතිවිරෝධයක් තිබෙන බවට වූ ආකල්පයක් ඉහල සිට පහලට සමාජ ගත උනා. ඒ ආකල්පය විසින් අන්තිමේදී ජාතික ආරක්ෂාව පිළිබඳව උනන්දු වීම ජාතික සංහිදියාවට එරෙහිවීමක් යන මතය අපේ පොළවේ පැළ කලා. එක හරියට හුස්ම ගැනීම හදවතට අහිතකරයි කියනවා වගේ අවිද්‍යාත්මක විකෘති අදහසක්. දැන සහ නොදැන ඍජුව හා වක්‍රව එකී තත්වය මේ මහා විපතට හේතුවක් උනා.

අපි අවධාරණය කරන්නේ  ජාතික ආරක්ෂාව නිසි තැන ස්ථානගත කරන්න කියලා. ජාතික ආරක්ෂාවට හිමි තැන දෙන්න කියලා. ජාතික ආරක්ෂාව කළමනාකරණය කිරීමේ  වගකීම නිසි වෘත්තියභාවයක් සහිත පරිනත සුදුස්සන් අතට පත් කරන්න කියලා.

ජාතික ආරක්ෂක කවුන්සිලය ප්‍රමුඛව ජාතික ආරක්ෂාව භාර ආයතන වල බරපතල බිද වැටීමක් අපට නිරීක්ෂණය උනා. වහාම ජාතික ආරක්ෂාව භාර ආයතන විද්‍යාත්මකව ප්‍රතිව්‍යුහගත කරන්න.

 

රාජ්‍ය බුද්ධි සේවා අත්තනෝමතික දණ්ඩනයකට ලක්වී ඇති බව ප්‍රසිද්ධ කරුණක්. ඒ හේතුවෙන් රාජ්‍ය බුද්ධි සේවාවන් අකර්මන්‍ය වෙලා. රාජ්‍යයක  පැවැත්ම උදෙසා රාජ්‍ය බුද්ධි සේවාවක ඇති අවශ්‍යතාව වහාම තේරුම් අරගෙන අකර්මන්‍ය කර ඇති රාජ්‍ය බුද්ධි සේවාව යලි සක්‍රිය කරන ලෙස අපි ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටිනවා.

රැස් කරගන්න ලද තොරතුරු නිශ්චිත දත්ත බවට පත්වෙන්නේ විද්‍යාත්මක පිරිපහදු (Filtering) කිරීමකට පස්සේ. බුද්ධි සේවාවක් විසින් ඉදිරිපත් කරන බුද්ධිමය දත්ත කියන්නේ ඕපා දුප නොවේ. පසුගිය සිදුවීම විශ්ලේෂණය කරද්දී අපට පෙනී යනවා බුද්ධි අංශ දත්තයන්ට සාමාන්‍ය කට කතාවකට ලැබෙන තරමේ වත් වටිනාකමක් ලැබී නොමැති බව. බෙහෙත් ගත්තට වැඩක් නැහැ බෙහෙත් බොන්නේ නැත්නම්. ඒ නිසා ලැබෙන බුද්ධි තොරතුරු නිසි ලෙස භාවිතයට ගැනීම වගකිව යුත්තන්ගේ ප්‍රමුඛතම වගකීමක්.

ජාතික ව්‍යසනයකින් පසු හැසිරීම. වර්තමාන ආණ්ඩුව වහාම අධ්‍යනය කල යුතුයි. මේ සිද්ධියේදී  සිවිල් නායකයින් සහ සාමාන්‍ය මහජනතාව ඉතා දියුණු හැසිරීමක් ප්‍රකට කලා. ඔවුන් හිටියේ වගකිව යුතු බලධාරීන්ට වඩා බොහොම ඉදිරියෙන්.

මේ වන විට නිර්මාණය වී ඇති තත්වය පාදක කරගනිමින් ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව කෙරෙහි  වෛරයක් ඇති කොට ජාතීන් අතර සමගිය පළුදු කිරීමේ කුමන්ත්‍රණයක් 1983 කළු ජූලිය නිර්මාණය කළා සේ මේ මොහොතේ මතු විය හැකි බැවින් ඉතා වගකීමෙන් සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ මූලිකම වගකීම විය යුතුය.

පාස්කු ඉරිදා ඛේදවාචකය සිදු වූ සැනින් මනුෂ්‍යතත්වයේ නාමයෙන් සහ රාජකාරිමය වගකීමෙන් ඉදිරිපත් වූ අසල්වැසියන්ට, රෝහල් කාර්යමණ්ඩලයන්ට, ආරක්ෂක අංශ නිලධාරීන්ට සියලු අපදා සහන සේවාවන්ට. මෙන්ම පරිත්‍යාගශිලිව සහ කම්පනයන් යුතුව  උපකාර කල සැමටත් අපි හිස නමා අචාර කරනවා.

පළාත් සභා 09 න් 08 ක්ම මේ වන විට නිල කාලය අවසන් වීම හේතුවෙන් මහජන සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බරපතල දුෂ්කරතා පවතිද්දී ඊට මුහුණදෙමින් අපගේ පළාත් පාලන ආයතන සියල්ල මගින් මේ මොහොතට අවශ්‍ය සියලු සේවාවන් ලබාදීම සදහා 24 පැය පුරාම අපගේ මහජන නියෝජිතයන් සහ පළාත් පාලන ආයතන සූදානම් කර ඇත.

– ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here