31 C
Negombo
31 C
Negombo

අද සිට බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධිවර සහ නාවුක කටයුතු වලින් වලකින්න

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබද අද දහවල් 12.00 ට නිකුත්කර ඇති නිවේදනයට අනුව

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පීඩන අවපාතය අද උදෑසන 08.00 වන විට පොතුවිල් සිට ගිනිකොණ දෙසින් කි.මී 950 පමණ දුරින් උතුරු අක්ෂාංශ 2.5 ත් නැගනහිර දේශාංශ 89.6 ත් ආසන්නව ස්ථානගතව පවතී. මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පසුව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යයි බලාපොරොත්තු වේ. මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයෙන් වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ දෙසින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල  සුළං නිරිත සිට බස්නාහිර දක්වා වන දිශා වලින් හමා එයි.

තංගල්ල සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ.

ගිනිකොණ දෙසින් ගැඹුරු මුහුදු ප්‍රදේශවල පැ.කි.මී (40-50) දක්වා වන සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී 60 දක්වා වනප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තුවේ. එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වන ගැඹුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද සිට ධිවර සහ නාවුක කටයුතු වලින් වලකින ලෙස ධීවරයන්ට උපදෙස් දෙනු ලැබේ.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.