32 C
Negombo
32 C
Negombo

මිගමුව කටාන සෝදිසි මෙහෙයුම් දිගටම – ජනජීවිතය ක්‍රමයෙන් සාමාන්‍ය අතට

-

පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ  බෝම්බ ප්‍රහාරය නිසා බිද වැටුණු මිගමුව සහ කටාන අවට ජනජීවිතය ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත්වෙමින් ඇත.

පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් මාර්ග බාධක යොදා සෝදිසි සිදුකරනු සහ  නගරයේ සහ අවට ප්‍රදේශ වලද ආරක්ෂාව තරකර තිබෙනු දක්නට ලැබුණි.

බොහෝ දේවස්ථානවල ගේට්ටු වසාතිබෙනු දක්නට ලැබුණු  අතර මුස්ලිම් බැතිමතුන් සිකුරාදා සාමූහිකව පවත්වන ජුම්මා යාඤ්ඤාව සදහා එක්රැස් නොවූ අතර මුස්ලිම් පල්ලි වලද සුදු කොඩි ඔසවා මියගිය අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කර තිබෙනු දක්නට ලැබුණි.

නගරයේ කඩසාප්පු වැඩි ප්‍රමාණයක් විවෘත කරතිබෙනු දක්නට ලැබුණු අතර ඇදිරි නිතිය ක්‍රියාත්මක නොවන්නේනම් අද වෙළදසැල් වසන්නේ සාමාන්‍ය වෙලාවට බව වෙළද සල් හිමියන් අප සමග පැවසිය .

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.