මිගමුව පොලිස් අධිකාරී කාර්යාලය අසල පාලු ඉඩමකින් MP 5 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක් මතුවේ

-

ලැබුණු තොරතුරකට අනුව මිගමුව  කොට්ටාශයේ නිතිය බලගැන්වීමේ ඒකකය විසින් පොලිස් අධිකාරී කාර්යාලය ආසන්නයේ පිහිටි 6 වන පාවුළු පාප් මාවතේ පාලු ඉඩමක තිබී MP 5 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක් මැගසින් දෙකක් සහ එම ගිනිඅවිය සදහා භාවිතාකරන ජිව පතොරොම් 133 ක් සහT 56 ගිනිඅවි සදහා භාවිතාකරන ජිව  පතොරොම් 28 ක් ද සොයාගෙන ඇත.

නීතීය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියදර්ශන මහතා  පොලිස් සැරයන් (49034) ජේ.එම්.එස්.ජයකොඩි, පොලිස් කොස්තාපල්වරුන් වන (81119) කෝණාර, (84546) නිමේෂ් , (85216) ජයසිංහ, (5875) විජේනායක ,(53168) විජේසුන්දර යන නිලධාරින් එක්ව.මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී චන්දන අතුකෝරාල මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here