32 C
Negombo
32 C
Negombo

ඒත්තුකාල  සංචාරක කලාපය අද ඉරිදා පාලුවට යයි

-

මිගමුව නගරයේ සහ ඒ අවට අදත් මාර්ග බාධක යොදා පරික්ෂාකිරීම් සිදුකරන අතර මිගමුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටද මාර්ග බාධකයක් ඉදිකර ආරක්ෂාව තරකර ඇත.

ඉරිදා දිනයේ සැහැල්ලුවෙන් ගමන්කරන දෙස්විදෙස් සංචාරකයන් ගෙන් පිර තිබෙන මීගමුවේ ඒත්තුකාල  සංචාරක කලාපය අද පාලුවට ගොස් තිබුණි.

පැය 24 පුරාම විවෘතව පැවති සංචාරක  හෝටල් වල ගේට්ටු ආරක්ෂක පියවරක් ලෙස වසා තිබෙන අතර පැමිණෙන අමුත්තන් ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් පසුව වාහන හෝටල් පරිශ්‍රය වෙත ඇතුල් කිරීමට පියවරගෙන ඇත.

සංචාරක කර්මාන්තය  ආශ්‍රිතව කුලිරථ රියදුරන් කුඩා ප්‍රමාණයේ භෝජන ශාලා ආදී  ස්වයං රැකියාවල යෙදුනු එදිනෙදා ජිවනෝපාය සදහා අදායම්  උපයාගත් විශාල පිරිසක් මේ තත්වය හමුවේ අසීරුතාවයට පත්ව සිටි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.