ශ්‍රී ලංකාවේ ප්‍රහාර: අමිහිරි මතකය මැද යළි ගොඩ නැගෙන කටුවාපිටිය පුදබිම

පාස්කු ඉරු දින මරාගෙන මැරෙන ප්‍රහාරවලට සති දෙකක් ගෙවෙද්දී, ඉන් නැගුණු කම්පනය මැද සිය දෛනික ජීවිතය යථා තත්ත්වයට පත් කරගැනීමට ජනතාව වෙර දරන ආකාරය එම ඛේදජනක සිදුවීමට මුහුණ පෑ ඇතැම් ප්‍රදේශ වෙත ගිය වූ බීබීසී සිංහල සේවයට දැකගත හැකි විය.මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය

මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් එම ග්‍රාමයේ පදිංචි 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර ඒ වෙනුවෙන් සොව පළකොට එහි එහි මං මාවත්වල නැගුණු සුදු කොඩි සහ මරණ දැන්වීම් තවමත් එසේමය.

ඒවා ඉවත් කිරීමට ගම් වැසියන්ට වුවමනාවක් ඇති බවක් ද නොපෙනේ.

කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට ආරක්ෂාව තිබුණත්, දේවස්ථානයට සිදු වී ඇති හානිය දැක බලා ගැනීමට තවමත් පිරිස් ඇදී එති.

නමුත් ඔවුන්ට දේවස්ථාන භූමියට ඇතුළු වීමට අවසර නැත.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය

1869 දී ආරම්භ කරන ලද කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයෙන් දැඩි හානි සිදුව ඇත.

එහි ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඊට දායකත්වය දෙනු ලබන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තු සාමාජිකයින් විසිනි.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය

එසේ ම මීගමුව නගර සභාවේ සේවක පිරිසක් ද දේවස්ථානය ශුද්ධ පවිත්‍ර කිරීමට ශ්‍රම දායකත්වය දෙති.

ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ කතෝලික දේවස්ථානයක් වන ශාන්ත සෙබස්තියන් දේවස්ථානය එහි 150 වන සංවත්සරය සමරුවේ මේ වසරේ ජනවාරි මාසයේදීය.

“අපි දේවස්ථානය අලංකාර විදියට හැදුවා 150 වැනි සංවත්සරේට. හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විනාශයක් වෙයි කියලා,” දේවස්ථාන භූමියේදී බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ නම හෙළි කිරීමට අකමැති වූ කන්‍යා සොහොයුරියක පැවසුවාය.

දේවස්ථානය තුළ පුපුරා ගිය බෝම්බය කෙතරම් ප්‍රබල ද යන්න පෙනෙන්නේ එම පිපිරීම නිසා දේවස්ථානයේ ප්‍රධාන දොර ගැලවී විසි වී තිබීමෙනි.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය

පිපිරීමට හසුව දේවස්ථානයේ ප්‍රධාන දොර ගැලවී විසිවී ගොස් තිබූ අතර අල්තාරය ආසන්නයේ ඇති සිවිලිමට ද හානි සිදු වී තිබිණි.

“මෙම විනාශයේදී අපි දැක්ක සුවිශේෂ ම දේ තමයි අපේ ජනතාවගේ ඉවසීම. ඒක හරි වැදගත්,” එසේ පැවසුවේ සුරදූතික නිකායේ කාන්තිනි කන්‍යා සොහොයුරියයි.

කටුවාපිටිය මීසමේ සහකාර ප්‍රධාන පූජකවරයා වන ශමීර රොද්‍රිගෝ පියතුමා දේවස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කරයි.

“මේ කරදරය වුණ වෙලාවේ ඉඳලා බොහෝ අය බෞද්ධ ස්වාමීන් වහන්සේලා අනෙක් ආගමික නායකවරු ඇවිල්ලා අපේ දුක බෙදා ගත්තා. ඒක අපිට හරි වැදගත් වුණා අපේ දුක කනගාටුව නිවා ගන්න.”

“මේ සිදුවීම ගැන තව ම පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අවශ්‍ය දේ කරනවා. මම අපේ ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අපි ඉවසිල්ලෙන් කටයුතු කරමු,” ශමීර පියතුමා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය

මෙම ප්‍රහාරය එල්ලවීමෙන් පසු එම දේවස්ථානයට වැඩම කළ දෙමන්හන්දිය, කටියල ශ්‍රී වාළුකාරාම විහාරස්ථානයේ පූජ්‍ය කදිරාන ජනකඤාණතිස්ස හිමි හමුවීමට ද බීබීසී සිංහල සේවයට හැකියාව ලැබිණි.

“මේක අපි කවුරුත් බලාපොරොත්තු නොවූ දෙයක්. නමුත් අපි ඊට ශක්තිමත්ව මුහුණ දීම වැදගත්.”

උන් වහන්සේ පෙන්වා දුන්නේ, “මිනිස්කමට අගතියක් නොවන ආකාරයට මේ අවස්ථාවේ කටයුතු කිරීම කාලෝචිත” බවය.

“බෝම්බකරුවන් සිටි නිවස”

පාස්කු ඉරිදා කටුවාපිටියේදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලට සම්බන්ධ බෝම්බකරුවන් එම ප්‍රදේශයේම නිවසක් මාසික කුලි පදනම මත ලබාගෙන තිබිණි.

එම නිවස හිමි පුද්ගලයින් සමග කතා කිරීමට ද බීබීසී සිංහල සේවයට හැකි වූ අතර ඔවුන් පැවසුවේ මොහොමඩ් අසාම් මොහමඩ් මුබාරක් නැමැත්තෙක් රුපියල් 43,000 ක මාසික කුලියකට එම නිවස ගෙන තිබු බවය.

ඔහුගේ මුල් ලිපිනය නව යොන් වීදීය, කොළඹ 12 ලෙස ලබා දී අතර ජාතික හැඳුනුම්පත ද ඉදිරිපත් කළ බව නිවසේ හිමිකරුවෝ පැවසූහ.

පිරිමි සිව් දෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු එම නිවසේ පදිංචියට පැමිණ තිබේ. නමුත් මීට සති කිහිපයකට පෙර ඔවුන් නිවසින් අතුරුදන් වී ඇත.

මුබාරක් නමැත්තා, බෝම්බ ප්‍රහාරයට පෙර බ්‍රහස්පතින්දා දින නිවෙස් හිමියන්ට ජංගම දුරකතනයෙන් කතා කර දැනුම් දී ඇත්තේ තමන් විනෝද චාරිකාවක ගොස් සිටින බවකි.

කෙසේවෙතත්, එම මුබාරක් නමැත්තා කොළඹ කිංස්බරි හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ලෙස පොලීසිය විසින් ඊයේ (මැයි 01) නම් කරන ලදී.

BBCSINHALA

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img