කටාන ප්‍රාදේශීය සභාවේ ඉඩමක් බලෙන් අල්ලයි -අවුරුදු 19 ක් සමුර්ධිගමට ගියපාර අවහිරකර ගෙවල් හදයි

කටාන ප්‍රදේශිය සභාවට අයත් අක්කරපනහේ පිහිටි ලක්ෂ 80 වකපමන වෙළදපොල වටිනාකමක් ඇති  ඉඩමක් බලෙන් අත්පත් කරගැනීමට පුද්ගලයන් දෙදෙනෙකු සිදුකල උත්සාහය වැළැක්වීමට අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇතිබව කටාන ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය පවසයි.

ත්‍රස්තවාදීන්ගේ බෝම්බ පිපිරීම් ජිවිතහානි ඇදිරිනිතිය දඩමීමා කරගනිමින් 2000 ජුලි මස සිට වසර 19 කපමන කලයක් සමුර්දි ගම කදසුරිදු ගම යන ගම්වල ජනතාව පරිහරණය කල පාරක්ද වසා දමමින් අක්කර පනහේ සම්පත් පෙදෙසේ පිහිටි කටාන ප්‍රදේශිය සභාවට පරම අයිතිය ඇති ඉඩමක මෙසේ බලහත්කාරයෙන් අත්පත් කරගෙන් ගොඩනැගිලි දෙකක් පුද්ලයන් දෙදෙනෙකු විසින් ආරම්භ කර ඇත.

ප්‍රදේශ වාසීන් විසින් මේ පිලිබදව දුරකථන මාර්ගයෙන්  සහ ලිඛිතව  ජනාධිපති ලේකම් කාර්යාලයට  පළාත්පාලන අමාත්‍ය අංශයට  බස්නාහිර පළාත්පාලන අමාත්‍යංශය ඇතුළු වගකිවයුත්තන් වෙත මෙම ඉඩම් මංකොල්ලය පිලිබදව දැනුම්දී ඇත.

එම ආයතන වලින් කටාන ප්‍රදෙසිය සබාවට ලැබුණු උපදෙස් අනුව මෙම ඉදිකිරීම් නැවත්විමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට වැඩ අධිකාරී වරයාට උපදෙස් දුන්බව ලේකම් වරිය අපකල විමසීමකදී ප්‍රකාශකලේය.

මේ පිලිබදව කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්නද සිල්වා මහතාගෙන් අප විමසීමක් කල අතර කිසිම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට කිසිදු ඉදිකිරීමක් සදහා ප්‍රාදේශීය සභාව අවසර ලබාදී නැතිබවත් මෙම නීති විරෝධී කටයුත්ත පිලිබදව නිත්‍යානුකූල පියවර ගැනීමට තමන් නිලධාරීනට උපදෙස් දුන් බවත් ප්‍රකාශකලේය

ලැබුණු පැමිණිලි අනුව තමන්ද මේ පිලිබදව සොයාබලා දැනුවත් කලයුතු පාර්ශවයන් දැනුවත් කළබව එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායම් නායක කටාන ප්‍රාදේශීය සභාමන්ත්‍රී ලසන්ත දීපාල් මහතා ප්‍රකාශ කලේය.

සභා දේපල් අන්සතුකල නොහැකිබවද මේ අන්දමින් කටයුතුකිරීමට ගියහොත් සභාදේපල් හිතුමතේට මංකොල්ල කෑමට ඉඩ ලබෙනබව ප්‍රකාශ කල ලසන්ත දීපාල් මන්ත්‍රීවරයා මීලග මහා සභාවේදී මේ පිලිබදව සාකච්ජකරනබවද සදහන් කළේය.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img