32 C
Negombo
32 C
Negombo

කටාන ප්‍රාදේශීය සභාවේ ඉඩමක් බලෙන් අල්ලයි -අවුරුදු 19 ක් සමුර්ධිගමට ගියපාර අවහිරකර ගෙවල් හදයි

-

කටාන ප්‍රදේශිය සභාවට අයත් අක්කරපනහේ පිහිටි ලක්ෂ 80 වකපමන වෙළදපොල වටිනාකමක් ඇති  ඉඩමක් බලෙන් අත්පත් කරගැනීමට පුද්ගලයන් දෙදෙනෙකු සිදුකල උත්සාහය වැළැක්වීමට අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇතිබව කටාන ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය පවසයි.

ත්‍රස්තවාදීන්ගේ බෝම්බ පිපිරීම් ජිවිතහානි ඇදිරිනිතිය දඩමීමා කරගනිමින් 2000 ජුලි මස සිට වසර 19 කපමන කලයක් සමුර්දි ගම කදසුරිදු ගම යන ගම්වල ජනතාව පරිහරණය කල පාරක්ද වසා දමමින් අක්කර පනහේ සම්පත් පෙදෙසේ පිහිටි කටාන ප්‍රදේශිය සභාවට පරම අයිතිය ඇති ඉඩමක මෙසේ බලහත්කාරයෙන් අත්පත් කරගෙන් ගොඩනැගිලි දෙකක් පුද්ලයන් දෙදෙනෙකු විසින් ආරම්භ කර ඇත.

ප්‍රදේශ වාසීන් විසින් මේ පිලිබදව දුරකථන මාර්ගයෙන්  සහ ලිඛිතව  ජනාධිපති ලේකම් කාර්යාලයට  පළාත්පාලන අමාත්‍ය අංශයට  බස්නාහිර පළාත්පාලන අමාත්‍යංශය ඇතුළු වගකිවයුත්තන් වෙත මෙම ඉඩම් මංකොල්ලය පිලිබදව දැනුම්දී ඇත.

එම ආයතන වලින් කටාන ප්‍රදෙසිය සබාවට ලැබුණු උපදෙස් අනුව මෙම ඉදිකිරීම් නැවත්විමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට වැඩ අධිකාරී වරයාට උපදෙස් දුන්බව ලේකම් වරිය අපකල විමසීමකදී ප්‍රකාශකලේය.

මේ පිලිබදව කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්නද සිල්වා මහතාගෙන් අප විමසීමක් කල අතර කිසිම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට කිසිදු ඉදිකිරීමක් සදහා ප්‍රාදේශීය සභාව අවසර ලබාදී නැතිබවත් මෙම නීති විරෝධී කටයුත්ත පිලිබදව නිත්‍යානුකූල පියවර ගැනීමට තමන් නිලධාරීනට උපදෙස් දුන් බවත් ප්‍රකාශකලේය

ලැබුණු පැමිණිලි අනුව තමන්ද මේ පිලිබදව සොයාබලා දැනුවත් කලයුතු පාර්ශවයන් දැනුවත් කළබව එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායම් නායක කටාන ප්‍රාදේශීය සභාමන්ත්‍රී ලසන්ත දීපාල් මහතා ප්‍රකාශ කලේය.

සභා දේපල් අන්සතුකල නොහැකිබවද මේ අන්දමින් කටයුතුකිරීමට ගියහොත් සභාදේපල් හිතුමතේට මංකොල්ල කෑමට ඉඩ ලබෙනබව ප්‍රකාශ කල ලසන්ත දීපාල් මන්ත්‍රීවරයා මීලග මහා සභාවේදී මේ පිලිබදව සාකච්ජකරනබවද සදහන් කළේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.