30 C
Negombo
30 C
Negombo

ඇපල් මත්පෙති 4096 ක් සමග දළුපොතදී දෙදෙනෙකු අත්අඩංගුවට

-

ඇපල් වර්ගයේ මත්පෙති 4096 ක් සමග අත්අඩංගුවට ගත්  දෙදෙනෙකු  මැයි මස 10 වනදින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය නියෝග කර ඇත.

මෙසේ  රක්‍ෂිත බන්ධනාගාරගත කරනලද්දේ  මිගමුව පෙරියමුල්ල පල්ලිය පටුමග පදිංචි අනීස් මොහොමඩ් කල්හාර් සහ මිනුවන්ගොඩ පදිංචි කාරියක් වන ආරියවතී සිල්වා යන සැකකරුවන් දෙදෙනායි.

පරීක්ෂණ වලදී හෙළිවූ තොරතුරු අනුව මොවුන් දෙදෙනා ඥාතින් බව පොලිසියේ ආරංචිමාර්ග පවසයි.

මිගමුව කොට්ටාශ විෂමත්ද්‍රව්‍ය ඒකකයේ  ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක චාමර ප්‍රදීප් මහතාට ලැබුණු තොරතුරකට අනුව දළුපොත ගල්කටුව ප්‍රදේශයේදී සැකකරුවන් මත්පෙති සමග අත්අඩංගුවට ගෙන ඇත

මොහොමඩ් කල්හාර් සන්තකයේ මත්පෙති 4000 ක් සහ ආරියවතී සිල්වා සන්තකයේ මත්පෙති මත්පෙති 96 ක් තිබී ඇත.

මෙම වැටලීම සදහා පොලිස් සැරයන් වරුන් වන දමිත් 31753 ප්‍රේමරත්න 26214 සහ පොලිස් කොස්තාපල්වරුන් වන සෙනවිරත්න  60490 ඉන්දික 61836 නිශාන්ත 75471 කාන්තා පොලිස්කොස්තාපල්  රවිහාරි සහ පොලිස් රියදුරු විජේසුරිය යන නිලධාරීන් ද සහභාගිවී ඇත.

උපපොලිස් පරීක්ෂක විමල කුමාර මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.