29 C
Negombo
29 C
Negombo

කටාන ප්‍රාදේශීය සභාවේ හොරු කණ්ඩායමක් ?

-

කටාන ප්‍රදේශිය සභාවේ ඊයේ පැවති මාසික මහා සභා රැස්වීමේදී සභාපති වරයා සහ ස්වාධින මන්ත්‍රීවරයෙකු අතර සිදුවී ඇති බහින්බස් වීමක් දුරදිග ගොස් ඇතිවීමට ගිය    ගුටි කෙලියක්  තවත් මන්ත්‍රීවරයෙකු මැදිහත්වීමෙන් වලකා ගත්බව අපගේ ප්‍රාදේශීය සභා ආරංචිමාර්ග පවසයි .

කටාන ප්‍රාදේශීය සබාවට අයත්  දේපල සභා අනුමැතියකින් තොරව මන්ත්‍රීවරු විවිධ පුද්ගලයන්ට පවරාදීම  සභාව සතු  කොස් ගස් වැනි වටිනා ගස් කොලන් තම හිතවතුනට හොරෙන් කපාගෙන යාමට ඉඩදීම වැනි අයතා ක්‍රියා පිලිබදව කතාකිරීමට උත්සාහකල මන්ත්‍රීවරුනට ඒ සදහා අවස්ථාව නොලැබීම නිසා මේ තත්වය උදාවූ බව  අප කල විමසීමකදී මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පැවසිය.

මේ පිලිබදව සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතාගෙන් විමසිමක්කල අතර යතාපරිදි කලදී නොමැති යෝජනා ඉදිරිපත් කිරීමට අවසර දීය නොහැකි බවත් සභා රීති හා සම්ප්‍රධාය අනුව කටයුතු කල බව  ඒ මහතා ප්‍රකාශ කලේය.

කටාන ප්‍රාදේශීය සබාවේ මාසික රැස්වීම වාර්තාකරණ මාධ්‍ය වෙදියෙකුට් අනුව එකිනෙකාට එල්ල කරගන්නා චෝදනා අනුව වසරකට කෝටි දෙකකට ආසන්න ජනතාවගෙන් එකතුකරන  බදුමුදලක් වැටුප් හා දීමනා වශයෙන් ගෙවා කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ජනතාව   නඩත්තු කරන්නේ පස් හොරු ගස් හොරු ඉඩම් හොරු වැනි හොරු කණ්ඩායමක්ද.?

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.