පාස්කු ඉරුදින නැවතුනු දේවමෙහෙයන් යලි අද සිට – දේවස්ථානවෙත පැමිණීමට බැතිමතුන්ගෙන් දැඩි උනන්දුවක්

-

පාස්කු ඉරිදා සිදුවීමෙන් පසු නවතාතිබු  දේවමෙහෙයන් අද උදෑසන සිට යලි ආරම්භවිය.කටුවාපිටිය දේවස්ථානයට මෙන්ම ප්‍රදේශයේ සියලු දේවස්ථාන වෙත කතෝලික බැතිමතුන් ඉතා උනන්දුවෙන් දේවමෙහෙයන්ට සහභාගී විමසදහා පැමිණෙන අයුරු දක්නට ලැබුණි.

දේවස්ථාන සදහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂාව සපයාතිබුනි දේවස්ථාන බිමට ඇතුළුවන සියලුදෙනාම ශරීර පරික්ෂාවකට ලක්කරනු ලැබීය.

පොලිසියට සහ හමුදාවට සහාය වීම පිණිස මීසම් සභා සාමාජිකයන් මෙන්ම ප්‍රජාපොලිස් කමිටු සාමාජිකයන්ද එක්වසිටිනු දක්නට ලැබුණි.

කටුවා පිටිය  උලුඅම්බලම ජයබිම බෝලවලාන සහ මහවීදිය දේවස්ථානයේ අද 12 දින පැවති දේවමෙහෙයන් වල සහ ආරක්ෂාව සහතික කිරිමසදහා කටයුතු කරන අයුරු දැක්වෙන ජයාරූප කිහිපයක් මේසමග පලකර ඇත

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here