31 C
Negombo
31 C
Negombo

කටාන ප්‍රාදේශීය සභාවේ වත්කම් රැකීමට එජාපය ගෙනා යෝජනාවට -සභාපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර

-

කටාන ප්‍රාදේශීය සභාව සතු අක්කර පනහ ග්‍රාමසේවා වසමේ ෆාර්ම්ගාර්ඩ්න් වත්තේ (සම්පත් පෙදෙසේ ) ඉඩමක් බලෙන් ඇල්ලීම පිලිබදව අප පලකල ප්‍රවෘතිය සහ ඒ පිලිබදව ජාතික පුවත්පත්වල පළවීමෙන් කටාන ප්‍රාදේශිය සභාවේ වත්කම් ආරක්ෂා කිරීමේ නව වැඩපිළිවෙලක් ඇරබීමට මුල් පියවර තැබීමට හැකිවුබව එක්සත්ජාතික පක්ෂයේ කණ්ඩායම් නායක ලසන්ත දීපාල් මන්ත්‍රීවරයා පවසයි.

කටාන ප්‍රාදේශීය සභාවේ පසුගිය මාසික මහා සභා රැස්වීමේදී දේපල සහ නිතිකටයුතු පිළිබද ස්ථාවර කාරක සභාවක් පත්කළ යුතුබවට තමන් ඉදිරිපත් කල අදහසට සභාපති වරයා එකගත්වය පළකිරීම පිලිබදව අපකළ වැඩිදුර විමසීමේදී ලසන්ත දීපාල් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.

සභාව සතුදේපල සභාවට අදායම් ලබාදෙන ව්‍යපෘති සදහා හෝ පොදු මහජන උපයෝගිතා යොදා ගතයුතු බවද.

කටාන ප්‍රාදේශීය සභාව සතු අක්කරයක් පමණ  ඉඩමක් මිගමුව මහනගරවට අයත් දේපලක් බවප්‍රකාශ කරමින් සුනඛඅනාථාගාරයක් පිහිටුවීම සදහා යොදාගැනීමට උත්සාහ කල අවස්ථාවේදීද තමන් දැඩිලෙස විරුද්ද වුබවත් ජනතාව මහ ජනනියෝජිතයන් පත්කර එවන්නේ නීතිවිරෝධී කටයුතු කිරීමට නොව හරිදේ කිරීමට බවද පෙන්වා දුන්නේය

ඉඩම් කොල්ලය පිලිබදව පැවති සාකච්ජාවේදී  අදහස් දැක්වූ සියලු පක්ෂවල මන්ත්‍රීවරු  සභා දේපල අවභාවිත කිරීමට ඉඩදිය නොහැකිබව සදහන්කල අතර මේවනවිටද අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇතිබව  සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතා ප්‍රකාශකලේය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.