මීගමුවේ මහාමාර්ගවල වාහන නතරකර කිසිවෙකුට මුදල් ගෙවන්න එපා මුදල් ඉල්ලුවොත් පොලිසියට කියන්න

මිගමුව නගරයේ මංමාවත් වල කිසිදු පුද්ගලයෙකුට හෝ පුද්ගලික ආයතනයකට රථවාහන ගාල්කිරීමේ ස්ථාන පවත්වාගෙනයාම සදහා අවසර ලබාදී නැතිබව මිගමුව මහා නගර සභාවේ නාගරික කොමසාරිස් එන් බි ආර් වී ප්‍රනාන්දු මහත්මිය අපවෙත ලිඛිතව දන්වා ඒවා ඇත.

කොමසාරිස් වරිය මෙම තොරතුරු අපවෙත දන්වා ඒවා ඇත්තේ 2019 අංක 12දරණ  තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධානයන් යටතේ 2019 මාර්තු මස 06 දින යොමුකරන ලද තොරතුරු ඉල්ලීමට පිළිතුරු සපයමිනි.

මෙම තොරතුරු වලට අනුව මිගමුව නගරය තුල කිසිදු ස්ථානයක කුමන හෝ ආකාරයක රථගාල් සදහා අවසරදී නැති අතර ඉඩකඩ ඇති ඕනෑමතැනක මාර්ග නීතිරීති කඩනොවන ආකාරයට නගරයට පැමිණෙන ඔබට රථවාහන ගාල් කිරීමට හැකියාව ඇත.

මෙම තොරතුරු වලට අනුව නාගරික කොමසාරිස්ගේ අණපරිදි බවසදහන් කරමින් විවිධ කුලිරථ සංගම්වලට අයිතිය ඇතිබව සදහන් කරමින්  නගර සීමාව තුල සවිකර ඇති පුවරු නීති විරෝධී සහ ව්‍යාජය.

එමෙන්ම  මිගමුව නගරයතුල මහාමාර්ගවල කුමන ස්ථානයක   නතරකරන කිසිදු වාහනයකින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මුදල් අයකිරීමට  නිත්‍යානුකූල අයිතියක් නැතිඅතර එසේ කිසිවකුවිසින් මුදල් ලබාගන්නේනම් එය නීතිවිරෝධී ක්‍රියාවකි.එසේ යමෙකු විසින් ඔබෙන් මුදල් ඉල්ලා සිටියහොත් පහත සදහන් දුරකථන මගින් මිගමුව පොලිසියට දැන්වීමට ඔබට හැකියාව ඇත. 0312224289/0312222222 / 071 8591630

මෙම ප්‍රවෘතියට පාදකවූ ලිපිය ජනතාවගේ පොදුයහපත සදහා දැනගතයුතු තොරතුරු දැනගැනීම සදහා ප්‍රසිද්ධ කලයුතුබව පෙනීයන බැවින් ලිපියේ පිටපතක්ද මේසමග යාකර ඇත.

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img