29 C
Negombo
29 C
Negombo

මීගමුවේ හැමෝම හොයපු ඉඩමට- කටාන ප්‍රාදේශීය සභාවේ අනුමැතිය නෑ

-

කට්ටි සැලැස්මට  කටාන ප්‍රාදේශීය සභාව විසින්  අද වනතුරු අනුමැතිය ලබාදී නැතිබව හෙළිවේ.

එසේ අනුමැතිය ලබාදී නැත්තේ   එම කට්ට්ටි සැලැස්ම අනුමත කරගැනීමට ඉටුකළයුතු කොන්දේසි සම්පුර්ණ නොකිරීම හේතුවෙනි.

මෙම තොරතුරු අනාවරණය වුයේ අද තොරතුරු දැනගැනීමේ කොම්සමේ පැවති විභාගයේදීය මෙම ඉඩම කට්ටි කර විකිනීමට අදාලව 2018 07 24 දින තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන යටතේ කරන ලද තොරතුරු ඉල්ලීමට කටාන ප්‍රාදේශීය සභාව විසින් තොරතුරු ලබා නොදීම පිලිබදව 2018.10.11 දින තොරතුරු දැනගැනීමේ කොමිසමට  පැමිණිලි කිරීමට සිදුවිය.

කට්ටි සැලැස්මට අනුමැතිය නොමැති අවස්ථාවක එම ඉඩමේ ගොඩනැගිලි ඉදිකිරිම සදහා ගොඩනැගිලි අයදුම් පතක් අනුමත කළනොහැකි අතර   මේ වනවිට එම ඉඩමේ ඉදිකරන ගොඩනැගිලි ද  අනවසර ඉදිකිරීම් බවට  පත්වේ.

අප විසින්  තොරතුරු ඉල්ලාසිටි අවස්ථාවේ දී කටාන ප්‍රාදේශීය සභාව විසින්  තොරතුරු ලබා දුන්නානම් අපට ජනතාව දැනුවත් කිරීමට හැකියාව තිබුණි.

මෙම ප්‍රවෘතියට පාදකවූ ලිපි ජනතාවගේ පොදුයහපත සදහා දැනගතයුතු තොරතුරු දැනගැනීම සදහා ප්‍රසිද්ධ කලයුතුබව පෙනීයන බැවින් ලිපිවල පිටපත්ද මේසමග පලකර  ඇත.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.