කටාන ප්‍රාදේශීය සභාවේ දේපල මහදවල් මංකොල්ල කති

කටාන ප්‍රාදේශීය සභාවේ මානවෙරියේ විසිතුරු මාවතේ මාර්ග රක්‍ෂිතයේ තිබු වට අඩි 15ක් පමණ විශාල  ලක්‍ෂ පහකට වැඩිවටිනාකමක් ඇති කොස්ගසක් හොරෙන් කපාගෙන ගොස් ඇත.

මේ පිලිබදව අපවෙත ඇති තොරතුරු වලට අනුව මෙම සොරකම පිලිබදව ලක්‍ෂමන් ප්‍රනාන්දුපුල්ලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා විසින් කොචිචිකඩේපොලිසියට කරනලද පැමිණිල්ලකට අනුව  හිටපු පළාත්සභා මන්ත්‍රී වරයෙකු ගේ ලේකම්වරයෙකු බව කියන නාමල් නමැති අයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

කොස් ගස ලිමෝලකට විකුණා මෙම ලේකම් වරයා රුපියල් 80000 ක් ලබාගෙන ඇතිඅතර ලිමෝල් හිමියා විසින් ගස ඉරාතිබී ඇත.

හිටපු පළාත් සභා මන්ත්‍රී  වරයා  ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගේ ද සහයෝගයෙන්.දැව සංස්ථාවෙන්  ගස රුපියල් 63000දහසකට  තක්සේරු වාර්තාවක් ලබාගෙන ලේකම් වරයා රක්‍ෂිතබන්ධනාගාරවීම  වළක්වාගෙන ඇප ලබාගැනීමට සමත්ව ඇත.

පුද්ගලික ඉඩමක තිබෙන කොස්ගසක් කැපීමට පෙර ඒ සදහා ප්‍රාදේශීය ලේකම් වරයාගෙන් බිමහෙලීම් බලපත්‍රයක් ලබාගතයුතු අතර කදන් ප්‍රවාහනය කිරිමසදහා එම දැවකදන්වල වටප්‍රමාණය සහ දිග ඇතුලත් ලැයිස්තුවක් සමග අයදුම්පතක් ඉදිරිපත්කර ප්‍රවාහන බලපත්‍රයක් ලබාගතයුතුය.

එම ප්‍රවාහන බලපත්‍රයේ සදහන් දිනයේ ග්‍රාම නිලධාරී මහතා විසින් කදන්වල මුද්‍රා තැබීමෙන් අනතුරුව බලපත්‍රයේ සදහන් ස්ථානයට ප්‍රවාහනය කලයුතුය.අපවෙත ඇතිතොරතුරු වලට අනුව කටාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් එවැනි බලපත්‍රයක් ලබාගෙන නැත.

කටාන ප්‍රාදේශීය සභාව සතුදේපල මේ අන්දමින් විවිධ පුද්ගලයන්ට කොල්ල කෑමට ඉඩදීම පිලිබදව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් මෙන්ම ධුරධාරින්ද වගකිවයුතුව ඇත.

යතාපරිදි කල්දෙමින් නිත්‍යානුකූල යෝජනා ඉදිරිපත්කර මෙවැනි මංකොල්ල එළිදරවු කිරීමට කටයුතු නොකරමාසික සභා රැස්වීමේ  කයිවාරු  ගසන විපක්‍ෂයද සිදුකරන්නේ ඉතිරි ගස්කොලන්  ඉඩම් කට්ටි ඇතුළු දේපල කොල්ල කෑමට අනියමින් උදවු දෙමින් හාදවෙලා යමන් පනේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමකි.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img