30 C
Negombo
30 C
Negombo

කටාන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට නිලධාරීන්ගෙන් චෝදනා ?

-

ප්‍රාදේශීය සභා ආඥාපනතේ 8 (1) වගන්තිය අනුව ප්‍රාදේශිය සභාවක සභාපතිවරයා ප්‍රාදේශීය සභාවක ප්‍රධාන විධායක නිලධාරියා වියයුතුය.

එහෙත් කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතා සමහර වැදගත් කරුණු සම්බන්ධයෙන් නිලධාරීන්ට අවශ්‍ය නිත්‍යානුකූල නියෝග  ලබානොදීම සහ නියෝග ලබාදීම ප්‍රමාද කිරීම නිසා නිලධාරීන් දැඩි අසීරු තාවයකට පත්ව ඇතිබව වාර්තාවේ.

.අක්කර පනහ 93 D ග්‍රාමනිලධාරී වසමේ සම්පත් පෙදෙසේ ඇති පර්චස් 15 ක ප්‍රාදේශිය සභාවට අයත් ඉඩමක බලහත්කාරයෙන් ගොඩනැගිලි ඉදිකිරිම පටන්ගෙන් මාසයකට ආසන්න කාලයක් ගතවනතුරු ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට කටාන පොලිසියේ පැමිණිල්ලක් දැමීමට හෝ මෙතෙක් සභාපති වරයා උපදෙස් නොදුන්බවට නිලධාරීන් ප්‍රකාශ කලබව බව සම්පත් පෙදෙසේ පදිංචිකරුවෙකු සභාපති වරයා වෙත යවා ඇති ලිපියකින් චෝදනා කර  ඇත.

මෙම අනවසර ඉදිකිරිම පිලිබදව CIB(II)72/ 265 යටතේ කටාන පොලිසියට සම්පත් පෙදෙසේ පදිංචි කරුවෙකු විසින්  පැමිණිල්ලක් කර ඇත.

සභාපති වරයා පිලිබදව නිලධාරී ප්‍රකාශකල බව කියන කරුණු සත්‍ය නම් එය  අල්ලස් හෝ දුෂණ පනතේ දුෂණය යටතට වැටෙන වරදක් බව මෙපිලිබදව අප කල විමසුමකට කරුණු පැහැදිලිකල ජ්‍යෙෂ්ට නීතිඥයෙකු පැවසිය.

පුස්තකාල ජයරුපයකි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.