නැන්දම්මා සමග උරණවූ බෑණා -පෙට්‍රල් දමා කඩය ගිනිතබයි

ණය කරුවෙකුට පොලී  ගෙවීමට  මුදල් නොලැබීම නිසා නැන්දම්මා සමග උරණවූ බෑණා ව්‍යාපාරික  ස්ථානයකට ගිනි තැබූ පුවතක් මිගමුව කොචිචිකඩේ පොලිසියෙන් වාර්තාවේ.

මිගමුව ඇත්ගාල කොචිචිකඩේ පදිංචි බ්‍රිජට් පිරිස් පුල්ලේ යන අය විසින් මෙම ගිනි තැබීම පිලිබදව පොලිසියට පැමිණිලි කර ඇති අන්දමට  මෙම ගිනි තැබීම සිදුකර ඇත්තේ ඇයගේ බෑණා විසිනි.

මිගමුව හලාවත පාරේ පිහිටි මෙම මහල්  ගොඩනැගිල්ල තට්ටු හතරකින් යුක්ත වන අතර පහත මාලයේ පැමිණිලි කාරිය විසින් ප්ලාස්ටික් සහ ඇලුමිනියම් භාන්ඩ අලවිකිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.

23 දින සවස .4.40 ට පමණ ව්‍යාපාරික ස්ථානයට පැමිණ ඇති සැකකරු  පිරිස් මහත්මියගෙන් ණය කරුවෙකුට පොලිය ගෙවීමට  මුදල් ඉල්ලා ඇත මේ අවස්ථාවේදී  මුදල් නොමති බව ප්‍රකාශ කිරීමත් සමග උරණ වූ සැකකරු ඔහු පැමිණි වාහනයේ  තිබු පෙට්‍රල් බෝතලයක් රැගෙන විත් කඩය තුලට  පෙට්‍රල් දමා  ලයිටරයෙන් ගිනිතබා ඇත.

මිගමුව මහා නගර සභාවේ ගිනිනිවීමේ දෙපාර්තමේන්තුව පොලිසිය සහ ප්‍රදේශ වාසීන් එක්ව ගින්න නිවාදමා ඇතිතර ගින්නෙන් සිදුවූ  අලාභය මෙතෙක් ගණනය කර නැත.

කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර පද්මලාල් මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුලාජ් අරියරතන මහතා විසින් සිද්ධිය පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img