31 C
Negombo
31 C
Negombo

කටාන ප්‍රාදේශීය සභාවේ කොන්ක්‍රීට් පාරක මීටර 100 ක් අනවසරයෙන් කපා අලාභ කරලා

-

අක්කර පනහ ප්‍රදේහයේ ප්‍රදේශීය සභාවට අයත් පාරවල්වලයාන්ත්‍රික බර මෙවලම් යොදමින්  අනවසරයෙන් කැනීම සිදුකරන බව අපවෙත වාර්තාවී ඇත.

විශේෂයෙන්ම  කොන්ක්‍රීට් කරනලද පාරවල්වල සිදුකරන මෙවැනි කැනීම නිසා පාර සම්පුර්ණයෙන්ම අබලන් වී යාමේ අවදානමක් ඇතිවීමේ ඉඩකඩ ඇත.

මේ අන්දමින් අක්කරපනහ සම්පත් පෙදෙස නමින් හදුන් වන කොන්ක්‍රීට් කරන ලද මාර්ගය එම පාරේ පදිංචි ටැල්කම් නම් පුද්ගලයෙකු ගේ මුලිකත්වයෙන් කොන්ක්‍රීට් කටර් භාවිතා කරමින් මීටර් 100 කට වැඩිදුරක් කැනීම් සිදුකර පාරේ කොන්ක්‍රීට් කපා ඉවත්කර අලාභ හානි සිදුකර  ඇත.

ජාතික ජලසම්පාදන මණ්ඩලයෙන් ජලය ලබාගැනීම සදහා මෙම කැනීම සිදුකර ඇති අතර  ප්‍රාදේශීය සභාව වෙත අදාල ගාස්තුගෙවා අවසර ලබාගැනීමක් සිදුකර නැතිබව අපකල සොයාබැලීමේදී අනාවරණය විය.

පාරට හානියක් නොවන ලෙස ජලනල එලීමට ඉඩ තිබියදී තමන්ගේ නිවාස ඉදිරිපිට ඇති බෝක්කු කැට බේරාගැනීම සදහා මෙම අපරාධය සිදුකර ඇතිබව පෙනෙන්නට ඇත.

පාරට සිදුකර ඇති අලාභය අයකර ගැනීම ප්‍රාදේශීය සභාවේ වගකීමකි. කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.