29 C
Negombo
29 C
Negombo

මිගමුව නියෝජ්‍ය නගරාධිපති වරයාට 1050000 ක ඇපයක්

-

සෝදිසි මෙහෙයුමකදී සැකපිට අත්අඩංගුවට ගෙන ශරීර ඇපමත මුදා හරසිටි  M.A.Z පරිස් මිගමුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයා සදහා   ලක්ෂ පහක් වටිනා ශරීර ඇප දෙකක් සහ මුදලින්  රුපියල් 50000 දහසක  මුදල් ඇපයක් තබන ලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය මැයි මස 28 දින නියෝග කළේය.

නියෝජය නගරාධිපතිවරයාට එරෙහිව මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන විසින් ගොනුකර ඇති නඩුව අද දින නැවත කැදවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත් තුමිය මෙම නියෝගය සිදුකළේය.

ශ්‍රීලංකා ගුවන් හමුදාව සහ පොලිසිය එක්ව මිගමුව නගරයේ අප්‍රේල්  මස  27 දින සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී පෙරියමුල්ලේ පිහිටි නියෝජ්‍ය නගරාධිපති වරයා ගේ නිවස සෝදිසි මෙහෙයුමේදී පර්ක්ෂාවට ලක්කිරීමේදී  ඔහු සන්තකයේ කඩුවක් කිනිස්සක් සහ ජංගම දුරකථන බැටරි 37 ක් සොයාගෙන අත්අඩංගුවට ගනුලැබිය.

විමර්ශන වලින් පසුව  මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අප්‍රේල් මස 28 ඉරිදා වැඩබලන මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කිරීමෙන් පසු  රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත සැකකරු මුදාහැරීමට සහ  මැයිමස 28 දින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝගකර තිබිණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.