31 C
Negombo
31 C
Negombo

සහරාන් සහ හිජාස් ජුනි 10 දක්වා රිමාන්ඩ්

-

නීතිවිරෝධී රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් මධ්‍යස්ථානයක් සහ අලවි සැලක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු ජුනි මස 10 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරීය මහත්මිය නියෝගකළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මිගමුව ග්‍රීන්ස් පාරේ ඔරියන්ට් ලංකා නමින් රූපලාවන්‍ය ආලේපන වර්ග අලවිකිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පෙරියමුල්ල රාහුමනා බාත්හි අංක 20 ලිපිනයේ පදිංචි කරුවෙකු බව කියන මොහොමඩ් කලීල් මොහොමඩ් සහරාන් සහ පන්සල පාරේ අංක 27/3 දරන නිවසේ පදිංචි කරුවෙකු වන මොහොමඩ් බුහාරි මොහොමඩ් හිජාස් නමැති දෙදෙනාය.
ප්‍රමිතියකින් තොර අඩුමිලට ලබාගත හැකි රූපලාවන්‍ය ආලේපන වර්ග අලුත් ඇසුරුම්වල පුරවා ඉහල මිලගණන් සහිත වෙළද නාම සහිත ලේබල් අලවා ව්‍යාජ නිෂ්පාදන සහ කලිකුත්වීමේ දින කාණ්ඩ අංක සදහන් කර අලවිකල අලවි කිරීමේ ජාවාරමක් පිලිබදව සැකපිට මෙම සැකකරුවන් දෙදෙනා මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව එම අංශයේ නඩු මෙහෙයවන නිලධාරී නවරත්න බණ්ඩාරමහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.