31 C
Negombo
31 C
Negombo

රිෂාඩ් බදියුදීන් ඉල්ලා අස්වෙයි..?”

-

පවත්නා අර්බුදකාරී දේශපාලන තත්ත්වය හේතුවෙන් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වනු ඇතැයි විශ්වාස කටයුතු රජයේ ආරංචි මාර්ග කියයි.

මෙම යෝජනාව විවාදයට ගැනෙන්නේ ලබන 18-19 දෙදිනයි. මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රීල.නි.ප.ය, ජනතා විමුක්ති පෙරමුණ ඍජුවම යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රින් 4 දෙනකු සහ එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක් යෝජනාවට පක්ෂවීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට ඉඩ ඇත.

රජය සමඟ සිටින ජාතික හෙළ උරුමයද අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ට පක්ෂ නොවණු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්දය තීරණාත්මක කඩඉමක් බවට පත්වෙමින් තිබේ. එම නිසා පරීක්ෂණවලට ඉඩදෙමින් ඉවත් වන්නැයි රජයේ ප්‍රබලයන් ගණනාවක්ම අමාත්‍ය බදුයුදීන්ට යෝජනා කර ඇත.

එහෙත් මෙතෙක් ඔහු ඊට ස්ථීර වචනයක් ලබාදී නොමැත. මේ දිනවල ඔහු එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් හමුවෙමින් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමේ උත්සාහයක නිරතව සිටී.

කෙසේ වෙතත් විශ්වාසභංගය විවාදයට පෙර ඔහු ඉවත් වනු ඇති බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

– deshaya

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.