රිෂාඩ් බදියුදීන් ඉල්ලා අස්වෙයි..?”

පවත්නා අර්බුදකාරී දේශපාලන තත්ත්වය හේතුවෙන් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වනු ඇතැයි විශ්වාස කටයුතු රජයේ ආරංචි මාර්ග කියයි.

මෙම යෝජනාව විවාදයට ගැනෙන්නේ ලබන 18-19 දෙදිනයි. මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රීල.නි.ප.ය, ජනතා විමුක්ති පෙරමුණ ඍජුවම යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රින් 4 දෙනකු සහ එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක් යෝජනාවට පක්ෂවීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට ඉඩ ඇත.

රජය සමඟ සිටින ජාතික හෙළ උරුමයද අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ට පක්ෂ නොවණු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්දය තීරණාත්මක කඩඉමක් බවට පත්වෙමින් තිබේ. එම නිසා පරීක්ෂණවලට ඉඩදෙමින් ඉවත් වන්නැයි රජයේ ප්‍රබලයන් ගණනාවක්ම අමාත්‍ය බදුයුදීන්ට යෝජනා කර ඇත.

එහෙත් මෙතෙක් ඔහු ඊට ස්ථීර වචනයක් ලබාදී නොමැත. මේ දිනවල ඔහු එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් හමුවෙමින් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමේ උත්සාහයක නිරතව සිටී.

කෙසේ වෙතත් විශ්වාසභංගය විවාදයට පෙර ඔහු ඉවත් වනු ඇති බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

– deshaya

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img