29 C
Negombo
29 C
Negombo

බලධාරීන්ට නොපෙනෙන මීගමුවේ මුදල් අයකරන අනවසර රථගාල්-උසාවිය අසල මහපාරේ යතුරු පැදියක් නවත්වන්න රුපියල් පනහක් අයකරයි

-

මීගමුවේ මහාමාර්ග වල නතරකරන රථවාහන වලින් නතරකර තැබීමේ ගාස්තු ලෙස  මුදල් අයකිරීම නීතිවිරෝධී කටයුත්තක් බව මිගමුව මහා නගර සභාවේ නාගරික කොමසාරිස් එන් බි ආර් වී ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කරයි.

නාගරික කොමසාරිස් වරියට අනුව මිගමුව නගරසීමාව තුල මංමාවත් වල මුදල් අයකර   වාහන නතරකිරීමේ ස්ථාන පවත්වාගෙන යාමට කිසිදු පුද්ගලයෙකුට හෝ පුද්ගලික ආයතනයකට අවසර ලබාදී නොමැත.

මිගමුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මහපාර අයිනේ නවතා යන එක යතුරු පැදියක් සදහා රුපියල් 50 /= ක මුදලක් අයකරන අතර  රෝහල ඉදිරිපිට නතර කරන යතුරු පැදියකින් රුපියල්  30 ක් අයකරගනී.

කොටුව පිට්ටේනිය අසල මත්ෂ්‍ය වෙළදපොල   ඉදිරිපිට පාරේ නතර කරන වාහන වලින්ද වාහනය අනුව විවිධ ගාස්තු  අයකරගැනීමක් සිදුකරයි.

මෙවැනි ස්ථාන කිහිපයක් මීගමුව ම්හානගර සභා බලප්‍රදේශයේ ඇති අතර මේ පුද්ගලයන් විසින් දිනකට රුපියල් දහස්ගනනක් එකතුකර ගනී.

අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පවා  සිදුවන මෙම නීතිවිරෝධී මුදල්  අයකිරීම් නැවැත්වීමට කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමකි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.