වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනය යලිත් මිගමුව ක්‍රිකට් ක්‍රීඩා සමාජයට ලබාගත හැකිවන්නේ මගේ මලකද උඩින් පමණයි- සභාපති කටාන ප්‍රාදේශීය සභාව

වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනය යලිත් මිගමුව ක්‍රිකට් ක්‍රීඩා සමාජයට ලබාදීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේනම් එයසිදුකල හැකිවන්නේ තමන්ගේ මළමිනිය උඩින්බව කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතා පවසයි.

කටාන ප්‍රාදේශීය සභාවේ ජුනි මස 14 දින පැවති මහාසභාවේ දී එම ක්‍රීඩාංගනය සදහා සභා අරමුදලින් වැයකර ඇති රුපියල්  1,998,000 මුදල පිලිබදව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  සුෂාන් නිලුෂන්  මන්ත්‍රීවරයා විසින් කල ප්‍රශ්න කිරීමට  පිළිතුරු දෙමින් සභාපතිවරයා මෙම අදහස් ප්‍රකාශකලේය.

අක්කර 21 ක් පමණ විශාල මෙම ක්‍රීඩාංගනය විවිධ පුද්ගලයන්ට ලබාදෙන්නැයි තමන්ගේ  දේශපාලන ජිවිතයට ඉහල තැන්වල පස්දෙනෙකු පමණ බලපෑම් කලබවද  පැවසූ සභාපතිවරයා අවුරුදු 30 ක් තිස්සේ මෙම ක්‍රීඩාංගනය මිගමුව ක්‍රිකට් ක්‍රීඩා සමාජය මුදල් හම්බුකරගෙන කනතැනක් බවට පත්කරගෙන තිබුණු බව ද සභාපතිවරයා පැවසිය.

සුෂාන් නිලුෂන්  මන්ත්‍රී වරයා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

 සභාවේ මුදල් ලක්ෂ 100 ක් මේ ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කර තිබෙනවා එමමුදලින් ලක්‍ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට වියදම් කරතිබෙනවා මුදල් අනුමත කරගන්නා අවස්ථාවේ සභාපති තුමා ප්‍රකාශ කලේ මේක සභාව සතු සම්පතක් සභාවේ පාලනය යටතේ දිගටම පවත්වාගෙන යනවා කියලයි

අද කියන්නේ යටිතල පහසුකම් සම්පුර්ණකර ශ්‍රීලංකා ක්‍රිකට් වැනි ආයතනයකට බාරදෙන බවයි එහෙම කාටහරි දෙනවනම් කටානේ සංවර්ධන කටයුතු සදහා තිබෙන මුදල් වියදම් තවත් වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයට නොකරන්නැයි මා ඉල්ලා සිටිනවා.

අපේ සභා බල ප්‍රදේශයට විදිමත් සංවර්ධන සැලැස්මක් නැහැ එය විශාල අඩුපාඩුවක් සමහර කර්මාන්ත ශාලාවලන්  සිදුවන පාරිසරික හානිය 100 % රැකියා උත්පාදනය වන්නේ 25 ක් 30 ක් මෙවැනි කර්මාන්ත ශාලා පිලිබදව තීරණයක් ගතයුතුයි. අපේ නිල කාලය අවසන්වීමට පෙර සංවර්ධන සැලැස්මක් සැදීමට කටයුතු කිරීම මගේ යෝජනාවේ අරමුණයි.

ලසන්ත දීපාල්  මන්ත්‍රී වරයා (එක්සත් ජාතික පක්‍ෂය)

සභා බල ප්‍රදේශයට විදිමත් සංවර්ධන සැලැස්මක් නොමැතිවීම ගැටලුවක් බව අපද පිලිගන්නවා මෙය ඉතාමත් කාලෝචිත යෝජනාවක් සැලසුමක් හදල විදිමත් තිරසාර සංවර්ධනයක් සදහා කටයුතු කරමු.

රම්පාල ගනේගොඩ මන්ත්‍රී වරයා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

ප්‍රතිපක්‍ෂයේ කාර්ය බාරය සිදුකරන්නේත් අපේ කණ්ඩායම විසිනුයි.අඩුපාඩුවක් පෙන්වා දුන්විට උරණ වීම වැරදියි එක මන්ත්‍රීවරයෙකු කථාකරන අවස්ථාවක තවත් මන්ත්‍රීවරු පිරිසක් එක වර නැගිට කථා කිරම වැරදයි සභාපති තුමා සභාව පාලනය කරගැනීමට කටයුතු කලයුතුයි.

 

චමින්ද රත්නායක මන්ත්‍රී වරයා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

කොන්ක්‍රීට් කර දිනට පසුදින පුපුරා ගිය ආඩිඅම්බලම සැනසුම් උයන පොදු මාර්ගයට මුදල් ගෙවීම පිලිබදව දැඩි විරෝධය පලකරනවා.

කේ ජි උපුල් ප්‍රියංජන මන්ත්‍රී වරයා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

ක්‍රීඩාංගනයේ වාහන  ගාල් කරන අය දහවල් කලයේ තණතිල්ල මත සැහැල්ලු පන්දු ක්‍රීඩා කිරීම   සහ පාපන්දු ක්‍රීඩා කිරීමසහ  ගවයන් ඇවිදීම  නිසා  ලක්ෂ 45 ක් පමණ වටිනා වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ ක්‍රිකට් තනතිරුවට හානිසිදුවෙනවා මෙය ආරක්ෂා කිරීමට පියවර ගතයුතුයි.

රෝහිත ජයනන්ද සිල්වා මන්ත්‍රී වරයා (එක්සත් ජාතික පක්‍ෂය)

වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනය අභාවයට යාම පිලිබදව හිටපු සභාපතිවරයාද වගකිවයුතුයි මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පවරන්නේනම් ඒ සදහා මා කැමතියි.

දුමින්ද සිල්වා මන්ත්‍රී වරයා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

වෙන්දේසි කරුවන් වීසින් කැබලිකර විකුණන ලද ඉඩම්වල පිවිසුම් මාර්ග බෝක්කු පාලම් සභා අරමුදල් වලින් සිදුකිරීම වැරදියි. එම කටයුතු ඉඩම් කට්ටිකරන ආයතන හෝ පුද්ගලයන් කලයුතු වියදම් .

කෙවින් විජේසිංහ  මන්ත්‍රීවරයා( ජනතා විමුක්ති පෙරමුණ)

වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනය  බදුදෙන්න කථාකරනවා නම් ඒක වෙනම කතාකරමු  මේ නිෂ්පල කතාව නතරකරමු

අතුල ෆොන්සේකා මන්ත්‍රී වරයා (එක්සත් ජාතික පක්‍ෂය)

අක්කර 21 ක් කියන්නේ විශාල ඉඩම් ප්‍රමාණයක ක්‍රීඩාංගනයක් මෙය සභාවට නඩත්තු කිරීම අපහසුයි මෙම සම්පත රැකගෙන එතනින් ඉදිරියට යන වැඩපිළිවෙලක් සකස් කලයුතුයි.

රන්ජන් ප්‍රභාත් (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

වසරකුත් මාස හතරක් ගතවන මේ සභාපාලන කාලය තුල රද්දොළුව ගල්ලවත්ත ප්‍රදේශයේ කසල ගෙනයාම සදහා ට්‍රැක්ටර් පැමිණියේ දින දෙකක් පමණයි.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img