කටාන ප්‍රාදේශීය සභාවට ලක්ෂ 195 ක වත්කම්ක් අහිමිවෙයි -ලක්‍ෂ 35 පහක අල්ලසක් ගැනත් චෝදනා

-

රද්දොළුව ප්‍රදේශයේ  කැබලිකර විකුණන ඉඩමකටඅනුමැතිය ලබාදීම සදහා ලක්ෂ 35 ක මුදලක් ගත්තේ කවුදැයි හෙළිකර ගැනීම සදහා කටයුතු  කලයුතුබව කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රින්ජන (ස්වාධින) ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මෙමප්‍රකාශය  කලේ කටාන ප්‍රාදේශීය සභාවේ ජුනි මස මහාසභාවේ දීය කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයේ 14 දින සභා ශාලාවේදී රැස්වීම පැවැත්විණි.

කටාන ප්‍රාදේශිය සභා බලප්‍රදේශය තුල සංවර්ධනය කර විකිණීම සදහා අනුමැතිය ලබාදිය හැකි අවම ප්‍රමාණය  පර්චස් 10 ක් උවත් 2018 නොවැම්බර් මස කැබලිකරන ලද පිබුරක පර්චස් 8.5 ඉඩම් කොටස් 24 ක් සදහා ද සභාපති චරයා 2019 .5 .10 දින අනුමත කිරීම  සභා තීරණ වලට පිටුපා තනිමතයට සිදුකර ඇති ක්‍රියාවක් බව ප්‍රකාශ කලේය.

මෙම ඉඩමේ ප්‍රමාණය අනුව සභාවට පොදු කොටස ලෙස පර්චස් 60 ක් ලැබීය යුතු උවත් ලබාදී ඇත්තේ  පර්චස් 30 ක් බවද මෙනිසා සභාවට අහිමිවී ඇති දේපලෙහි වටිනාකම 19500000 ක් බවද මන්ත්‍රීවරයා  පැවසිය.

මෙය අනුමත කලේ නිලධාරීන් ද ඇතුලත් කමිටුවකින් බව ද නාගරික සංවර්ධන අධිකාරියද මේ සදහා අනුමැතිය ලබාදී ඇතිබවට සභාපති වරයා ප්‍රකාශ කල අතර  නාගරික සංවර්ධන අධිකාරියේ එම අනුමැතිය නිවැරදි නොවන දන්වමින්  ලිපියක් යැවීමට ක්‍රියා නොකලේ මන්දැයි උපුල් ප්‍රින්ජන මන්ත්‍රීවරයා ප්‍රශ්න කලේය.

 

 

හඩ පටය මෙතනින්

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here