32 C
Negombo
32 C
Negombo

තැපැල්මගින් ගෙනත් මීගමුවට මරිජුවානා බෙදු 5හේ කල්ලියේ 3ක් කටානේදී කොටුවයි

-

එංගලන්තයේ සිට ගෙන්වා විදේශීය සංචාරකයන් සදහා මරිජුවානා අලවිකල පස්දෙනා ගේ කල්ලියේ තිදෙනෙකු  කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කටාන  තැපැල් කාර්යාලයට ලැබුණු සැක සහිත  පාර්සලයක් පිලිබදව තොරතුරක්  කටාන පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිපොලිස් පරීක්ෂක සෙනවිරත්න මහතාට ලැබී ඇති අතර මේ අනුව තැපැල් කාර්යාලය තුල සහ පිටත නිලධාරීන් රදවා මෙම සැකකටයුතු පාර්සලය රැගෙන පිටතට  පැමිණෙමින් සිටි  පුද්ගලයා සහ ඔහු සමග යතුරු පැදියකින් පැමිණ සිටි පුද්ගලයෙකු  පළමුව අත්අඩංගුවට ගෙන ඇත්තේ තැපැල් කාර්යාල භූමියේදීය .

මොවුන් අත්අඩංගුවට සිදුකල විමර්ශන වලදී තැපැල් මගින එවන ලද පාර්සලයේ   මරිජුවන ග්‍රෑම් 230  ක්   තිබී සොයාගෙන ඇති අතර ඔවුන් ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වල දී අනාවරණය වූ තොරතුරු අනුව මෙම පාර්සලය රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ද පොලිසිය අත්අඩංගුවට ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙනඇත්තේ කොචිකඩේ බෝලවලාන සහ කදවල පදිංචි කරුවන් තිදෙනෙකි

මෙම කල්ලිය විසින් මෙම ජාවාරම කලක් තිස්සේ සිදුකර ඇතිබව මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

මෙම වැටලීම සදහා පොලිස් කොස්තාපල් වරුන්වන  67260 මදුරංග ,73138 ලලිත් 77977 දයන්ත 80386 ජයමහ සහ කාන්තා පොලිස් කොස්තාපල් 10881 අයේෂා යන නිලධාරීන් ද සහභාගිවිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.