29 C
Negombo
29 C
Negombo

හේමසිරි ප්‍රනාන්දු – පුජිත්ජයසුන්දර අත්අඩංගුවට

-

කොළඹ ජාතික  රෝහලේ  ප්‍රතිකාර ලබමින්  සිටි  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ  නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාද මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා පොලිස් ආරක්ෂාව යටතේ  මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනඅතර පොලිස්  ආරක්ෂාව යටතේ  මේ වනවිට  හිටපු පොලිස්පතිවරයාද නාරාහේන්පිට පොලිස් රෝහලේ  ප්‍රතිකාර  ලබමින් සිටී.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හේමසිරි ප්‍රනාන්දු මහතාට  සහ පොලිස්පතිවරයාට  අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස  දැනුම් දී තිබිණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.