කදසුරිදුගම සහ දෙහිමල්වත්තේ කුඩු ජාවාරම් කරුවන්රක්ෂිත බන්ධනාගාරයට

-

 

හෙරොයින් ග්‍රෑම් 3 ක් සහ මිලිග්‍රෑම් 614 ක් සමග මිගමුව කොට්ටාශ විෂමත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවටගත් පුද්ගලයන් දෙදෙනෙකු මේ මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනලෙස වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා 14 දින නියෝගකළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකලේ හෙරොයින් ග්‍රෑම් 1 ක් සහ  මිලිග්‍රෑම් 300 ක් සමග අත්අඩංගුවටගත් කටාන පොලිස් වසමේ   අක්කර පනහ කදසුරිදු ගම පදිංචිකරුවෙකු සහ ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 314 සමග අසුවූ   මිගමුව  දෙහිමල්වත්තේ පදිංචි කරුවෙකි.

ලද තොරතුරකට අනුව පොලිස් සැරයන් 26214 ප්‍රේමරත්න සහ පොලිස් කොස්තාපල් වරුන් වන 60490 සෙනවිරත්න 61836 ඉන්දික 72471 නිශාන්ත  යන නිලධාරීන් සමග කොට්ටාශ විෂමත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ප්‍රදීප් චාමර මහතා වැටලීම් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙනතිබු අතර උපපොලිස් පරීක්ෂක විපුල කුමාර මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here