32 C
Negombo
32 C
Negombo

කුරණ වෑබඩ පාරේ නිවසක්තුල කසිප්පු පෙරූ ගෙහිමියා සහ ගෝලයා බඩුත් සමග කොටුවෙයි

-

මිගමුව නගරයේ ජනාකීර්ණ කුරණ වෑබඩපාරේ නිවසක් තුල නීතිවිරෝධී ස්කාගාරයක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු මිගමුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකය විසින් 14 දින පස්වරුවේ  අත්අඩංගුවට ගෙන ඇත.

දුෂණ මර්ධන ඒකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මාරසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබු පෙරන ලද කසිප්පු මිලිලීටර් 30000 ක් සහ පෙරීමට සුදානම්කර තිබු ගෝඩා ලීටර් 2500 ක් පෙරුම් උපකරණ ගෑස්ලිප් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති නීතිවිරෝධී කසිප්පු ස්කාගාරය පවත්වාගෙනගිය 30 හැවරදී විවාහකයෙකුවන  නිවසේ  හිමිකරු සහ ඔහු ගේ සේවකයා අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධානපොලිස් පරීක්ෂක උදයකුමාර වුල්ටර් මහතා ගේ උපදෙස් අනුව සිදුකල මෙම වැටලීම සදහා පොලිස් සැරයන් 51758 අජිත් පොලිස් කොස්තාපල් වරුන්වන 36216 රත්නායක 37934 දිසානායක යන නිලධාරීන් ද සහභාගී විය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.