බෝලගල පරිසර විනාශයේ චෝදනා කොච්චිකඩේ පොලිසිය ප්‍රතික්‍ෂේප කරයි

-

පාවෙන හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ ව්‍යාජ  සැලැස්මකට මුවාවෙමින් දිවුලපිටිය බෝලගල ප්‍රදේශයේ  සිදුකරන මහාපරිමාණ  මැටි කැපීම නතර කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු කිරීම කොච්චිකඩේ පොලිසිය විසින් හිතාමතාම මගහැරීම නිසා පොලිස් පතිතුමාගේ සහන මැදිරියට පැමිණිලි කිරීමට සිදුවුබව බෝලගල ප්‍රගති ග්‍රාමසංවර්ධන සමිතිය චෝදනා කරති.

ඔවුන් මෙම චෝදනාව සිදුකරන්නේ  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා වෙත බෝලගල මහාපරිමාණ පරිසර විනාශය පිලිබදව ලිඛිත පැමිණිලක් කරමිනි.

සහන මැදිරියට කල පැමිණිල්ල පිලිබදව සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඉදිරියේ පරීක්ෂණයක් පැවැත්වූ බවත් එදිනම CIB  1/ 142 /65 යටතේ සිදුකල පැමිණිල්ල පිලිබදව මෙම මස 24 දින දක්වා ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවද ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ සදහන්වේ.

ග්‍රාමසංවර්ධන සමිතිය සිදුකරන සියලු ප්‍රතික්‍ෂේප කරන බවත්  මේ වනවිට මෙම පැමිණිල්ල පිලිබදව අධිකරණයට කරුණු වාර්තාකර නීතිමය කටයුතු ආරම්භ කර ඇතිබව අපකල විමසීමකදී  කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපතිවරයා  පැවසිය.

&;

වැඩිදුර විස්තර

දිවුලපිටිය බෝලගල පරිසරය විනාශ කරන මහාපරිමාණ මැටිවලට – ජනාධිපති සම්මානයක් ?

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here