30 C
Negombo
30 C
Negombo

සිදුවේ ‘කොක්ෆිට්’ සමාජශාලාවේ වෙඩිතැබිම -සැකකරුගේ ඇපඅයදුම ප්‍රතික්‍ෂේපවේ

-

සිදුවේ  සමාජ ශාලාවකට පැමිණසිටි අයෙකුට වෙඩිතබා ඝාතනයට තැත්කිරීමේ  සිද්ධියකට අදාලව සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සමාජ ශාලා හිමියෙකුට ඇපලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා එම සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප අයැදුම ප්‍රතික්‍ෂේප කළේය.

මෙසේ ඇප ප්‍රතික්‍ෂේප වූයේ සීදුවේ ‘කොක්ෆිට්’ සමාජ ශාලාව හිමි ව්‍යාපාරිකයා වූ දංකොටුව මීගමුව පාර අංක: 132 හි පදිංචි පි‍්‍රයනාත් ජෝර්ජ් පි‍්‍රයංකර අප්පුහාමි නමැත්තෙකි.

2018 දෙසැම්බර් මස 9 වැනි දින පැවැත්වූ සාදයකට සහභාගි වීමට පැමිණි ගිහාන් ළහිරු නමැත්තාව වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරු අධිචෝදනා ලබා තිබිණි.

මෙම වෙඩි තැබීමෙන් පසු පොලිසිය මගහැර කට්ටි පනිමින් සිටි බව කියන සැකකරු පෑලියගොඩ දිස්ති‍්‍රක් අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කොට තිබිණි.

පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ පද්මාල් වීරසිංහ ද සිල්වා මහතා සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් තම විරෝධතාවය දැක්වීය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.