සුළගේ වේගය වැඩිවිය හැකියි -මුහුදු ගමන් පරිස්සමින්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදැසන 05.30 ට නිකුත්කර ඇති කාලගුණ නිවේදනයට අනුව

ඉදිරි දින කිහිපයේදී, උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු සිට දළ රළු විය හැක.

උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල, අගෝස්තු මස 05 වන දින සිට 09 වන දින දක්වාද, උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල අගෝස්තු මස 05 වන දින සිට 11 වන දින දක්වා ද ධිවර සහ නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව දැනුම් දෙනු ලැබේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින්  හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ පොතුවිල් සිට මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට  පැ.කි.මී. (60-65) දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

කන්කසන්තුරය සිට මුලතිවු හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.                                                                                                                              ගිගුරුම්  සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිඅතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

මේ පිලිබදවඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්‍රජාව ඉල්ලීමක් කරයි

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img