31 C
Negombo
31 C
Negombo

උණ හැදුනොත් මේ බෙහෙත් බොන්න එපා

-

රෝගය උත්සන්න වන බව අනාවරණය වීම නිසා ඩෙංගු ඇතුළු උණ රෝගවලින් පෙළෙන රෝගීන්ට ඇස්ප‍්‍රින් ඇතුළු බෙහෙත් වර්ග හතක් ලබා දීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සියලූ වෛද්‍යවරුන්ගෙන් හා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

මේ අනුව ඇස්ප‍්‍රින්, ඉබුප්‍රොෆෙන්, ඩයික්ලෝෆිනෑක්, සෝඩියම් මෙෆනමික් ඇසිඞ්, ස්ටෙරොයිඞ් ගණයට අයත් ප්‍රෙඞ්නිසිලෝන්, මීතයිල් ප්‍රෙඞ්නිසිලෝන්, ඩෙක්සමෙතසෝන් යන බෙහෙත් භාවිතයෙන් වැළකිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අවධාරණය කර සිටී.

පසුගිය දිනවල මෙම බෙහෙත් භාවිත කළ රෝගීන්ගේ රෝග තත්ත්වය උත්සන්න වී ඇති බවට දිවයිනේ ප‍්‍රදේශ ගණනාවකින් වාර්තා වී ඇති අතර රෝගියා ඩෙංගු රෝගියකු නම් තත්ත්වය මාරාන්තික විය හැකි බව වෛද්‍ය ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටී. මෙම දිනවල නිරිතදිග මෝසම් වැසි හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර යන දිස්ත‍්‍රික්කවලින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති බවද හෙතෙම පවසයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.