29 C
Negombo
29 C
Negombo

කටුනායකදී මාරක රිය අනතුරක් – 65 වියැති කතක් මරුට -පලාගිය මිහමුවේ ව්‍යාපාරිකයා මාට්ටු

-

 

මාරක රියඅනතුරක් සිදුකර පලාගියබව කියන  ව්‍යාපාරිකයෙකු සිදුව පොලිසිය විසින් අද දින අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  මීගමුවේ පදිංචි සංචාරක ව්‍යාපාරයක නියුතු ඇන්ටන් ජෙප්රි   නමැති 32 දෙහැවරදි අයෙකි.

මෙම මස 12 දින රාත්‍රී 8.00 ට පමණ කොළබ මිගමුව මාර්ගයේ කටුනායක රෝමානු කතෝලික විදුහල ඉදිරිපිටින් පාරමාරුවෙමින් සිටි 65 හැවරදී  කාන්තාවක් මෝටර් රථයක ගැටී ඇතිඅතර වාහනයේ රියදුරු නොනවත්වා පලාගොස් ඇත.

අනතුරින් තුවාල ලැබූ කටුනායක ගුවන්හමුදා කදවුර පාරේ පදිංචිව සිටි එල් එච් සීලවතී ද සිල්වා මහත්මිය මියගොස් තිබේ.

මෙම මාරක රියඅනතුර පිලිබදව පරීක්ෂණ ආරම්භ කල සිදුව පොලිසිය මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අනතුර සිදුකල බව කියන වාහනයේ අයිතිකරු  හදුනා ගෙන ඇත.

පොලිසිය මගහරිමින් සිටි සැකකරු පොලිසියට පැමිණ බාරවී ඇත.

අතර වැඩිදුර විමර්ශන වලින් පසු  සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය

සිදුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රිනික ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පෙරේරා මහතා සිදුකල විමර්ශන කටයුතු සදහා  පොලිස් කොස්තාපල්  ඔෂද 67241 නිලධාරියාද සහභාගිවී ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.