32 C
Negombo
32 C
Negombo

කුඩුගෙනා යතුරුපැදිය කොච්චිකඩේදී පොලිස් නිලධාරීන් අසල පෙරලෙයි

-

කොච්චිකඩේ පාලම අසල පොලිස් නිලධාරීන් ඉදිරිපිට යතුරු පැදියක් පෙරලීමෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා ලග තිබී හෙරොයින් ග්‍රැම් 2 ක් සහ මිලිග්‍රෑම් 500 ක් අත්අඩංගුවට ගෙන ඇත.
කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ මහතා සහ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සරත් මහතා පාලම අසල රාජකාරියේ යෙදී සිටියදී වේගයෙන් පැමිණි යතුරු පැදියක් ඔවුන් ඉදිරියේ පෙරලි එහි ගමන්කළ දෙදෙනාම තුවාල ලබාඇත.
මොවුන් රෝහල් ගතකිරීම සදහා පරික්ෂා කිරීමේදී මොවුන් සන්තකයේ හෙරොයින් ග්‍රැම් 2 ක් සහ මිලිග්‍රෑම් 500 ක් තිබී ඇති අතර එම අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සදහා මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත් කර ඇත.
මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් චරිත ඩි ජයනාත රෝහලේදීම සැකකරුවන් 20 දින දකවා රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇත
මෙසේ බන්ධනාගාර ගතකර ඇත්තේ බම්බුකුලියේ සහ උඩන්ගාවේ පදිංචි තරුණයන් දෙදෙනෙකි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.