31 C
Negombo
31 C
Negombo

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටද ?

-

සීමා නිර්ණය වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේ දැයි නිගමනයක් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

ඊට අමතරව බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ ,ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරුවරු එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වශයෙන් කටයුතු කරති.

මෙම විනිසුරු මඩුල්ල හමුවේ ජනාධිපති වරයාගේ ඉල්ලීම ලබන 23 වනදා සලකා බැලීමට නියමිතයි.

මෙම ඉල්ලීමට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන 21 වන දා හෝ ඊට පෙර ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ටාර්වරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ද දැනුම් දී තිබේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.