32 C
Negombo
32 C
Negombo

කටානේ ප්‍රාදේශීය සභා මාර්ගවල වටිනා ගස් හොරෙන් කපාගෙන යයි

-

අක්කර පනහ ග්‍රාමනිලධාරී කාර්යාලය අසල  තිබු ප්‍රාදේශීය සභාවට අයත්  ලක්ෂයකට වැඩි වෙළදපොල වටිනාකමක් ඇති මහෝගනී ගසක් අතුරුදහන්ව ඇත.

පසුගියදිනවල ඇතිවූ සුළං වලදී මෙම ගසේ අත්තක් කැඩීඇතිඅතර ඉන්දින  කිහිපයකට අත්ත ඉවත්කිරීමේ මුවාවෙන් මෙම විශාල ගස කපා ඉවත්කරගෙන ගොස් ඇතිබව ප්‍රදේශ වාසීන්පවසයි.

ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී විසින් මෙපිලිබදව ප්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිලිකර ඇති බවද වාර්තාවේ.

මෙම ගස කපාගෙන යාම සදහා ප්‍රාදේශීය සභාවේ අවසරය ලබාගෙන නැතිඅතර ගසේ වටිනාකමට අනුව ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු රාජ්‍යභාගය අද 16 වනදින වනවිටද ගෙවා නොතිබුනි

මේදිනවල කටාන ප්‍රාදේශීය සභාවේ මහාමාර්ග වල ඇති වටිනා ගස්වලට අපලකලයක් උදාවී ඇතිඅතර උඩන්ගාව ප්‍රදේශයේ විශාල කොස්ගසක් මහදවල් කපාගෙන ගොස් තිබුනේද පලාතේ දේශපාලඥයෙකුගේ ආධාර කරුවෙකු විසිනි.

පසුගිය ප්‍රාදේශීය සභාවේ මහාසභා රැස්විමේදීද  පාරවල්වල අනතුරු දායකව  ඇති ගස් ඉවත්කිරීමේ යෝජනා කිහිපයක් මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු දක්නට ලැබුණි.

ගස් කැපීමට යෝජනා කරන මන්ත්‍රීවරු සිටියත් කපන ගස් වෙනුවට නැවත ගස්සිටුවිමට කිසිම මන්ත්‍රීවරයෙකු යෝජනා කලේ නැත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.