කපා ඉවත්කලේ වටිනාකමක්නැති කඩාවැටුණු වල් මහෝගනී ගසක්

-

කටානේ ප්‍රාදේශීය සභා මාර්ගවල වටිනා ගස් හොරෙන් කපාගෙන යයි සිරසින් අප පලකල අක්කර පනහ ග්‍රාමනිලධාරී කාර්යාලය අසල  තිබු ප්‍රාදේශීය සභාවට අයත්  ලක්ෂයකට වැඩි වෙළදපොල වටිනාකමක් ඇති මහෝගනී ගසක් අතුරුදහන්ව ඇත.යන පුවත පිලිබදව අක්කර පනහ කොට්ටාශයේප්‍රාදේශීය සභා මන්ත්‍රී රත්නප්‍රිය ද සිල්වා මහතා විසින් කරුණු පැහැදිලි කරමින් ජයාරූප කිහිපයක්ද අපවෙත යොමු කල අතර එම පැහැදිලි කිරීම සහ ජයාරූප පහත පළකර ඇත.

“ප්‍රවෘත්තියට අදාල ගසේ කොටසක් පසුගිය දිනවල පැවතිදැඩි සුළගට කඩාවැටීමෙන් මාර්ගය අවහිරවූ බැවින් ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් එම කොටස් කපාපරෙන් ඉවත්කරනු ලැබුවා .

ගසේ ඉතිරි කොටස අසල ඇති ගොඩනැගිල්ලට වැටීමේ අවදානමක් තිබු බැවින් එයද කපා දැමු අතර මේ කටයුතු සදහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා ද සහභාගී වුනා

ප්‍රාදේශීය සභාවේ වාහනවලින් අතුඉවත් කල අතර ගසේ කදකොටස් ගස කැපීම සිදුකල පුද්ගලයාට දරට ගැනීම සදහා රැගෙන යාමට දුන්නා

මෙම ගස ප්‍රවෘත්තියේ සදහන් පරිදි මහෝගනී ගසක් නොවන අතර එය එතරම් වටීනා කමක් නැති වල් මහෝගනී ගසකි”.

කර්තෘ සටහන

හානියට පත් දේපල සදහා අපදා වන්දි ලබාදීම ආදී නිත්‍යානුකුල කටයුතු සදහා ප්‍රාදේශීය ලේකම් වරයාගේ උපදෙස් අනුව  තමා සහභාගීවූ බවත් ගසේ කදකොටස් වල  රාජ්‍යභාගය  අයකර ගැනීම ඇතුළු  කටයුතු කිරීමට අවශ්‍ය තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිඛිතව ඉදිරිපත් කර ඇතිබවත් ග්‍රාමනිලධාරී පවසයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here