මෝරවලට පැමිණි වාහනයක විදුරු බිද 40000 සොරාගෙන යාළුවන් කැදවා කුඩුපාටියක් දමලා

මිගමුවේ මෝරවල වෙරළ තිරයේ දේශීය දියනාමින් සිටියදී ඔවුන් පැමිණි වාහනයේ තිබු රුපියල් 48000 ක මුදලක් පැහැරගෙන කුඩු පාටියක්  දැමු මත්ලෝලීන් දෙදෙනෙකු මෙම මස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනලෙස මිගමුව  වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකලේ මිගමුව දුන්ගාල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි.

පින්නවල සිට පැමිණි දේශීය සංචරකයන් පිරසක් මුදල් පසුම්බි ඇතුළු වටිනා දේ වාහනය තුල තබා දියනානෑමට ගොස් ඇත.

මේ  අතරතුර   ගලකින් පහරදී වාහනයේ වීදුරුවක් බිද එහිතුල තිබු ජංගම දුරකථන දෙකක් සහ මුදල් රුපියල් 48000 ක් පැහැරගෙන තිබුණි.

සංචාරකයන් පිරිස මෙම සිද්ධිය පිලිබදව දුන්ගාල්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇතිඅතර විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතුකර තිබේ.

සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු ජංගම දුරකථන දෙක සමග මුදලින් රුපියල් 8000 ක්   පොලිසිය භාරයට ගෙන ඇත.

සොරකම් කරනලද  රුපියල් 48000 ක මුදලින් රුපියල් 40000 ක මුදලක් වියදම්කර  තමන් දෙදෙනා තවත් මත්ලෝලීන් පිරිසක් සමග එකතුවී මත්කුඩු පාටියක් දැමුබව වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් ප්‍රකාශකර තිබේ.

මෙම මංකොල්ලය සිදුව ඇත්තේ පසුගිය පුරපසලොස්වක පොහොය දිනයේය

දුන්ගාල් පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චමින්ද රණසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජ්යරත්නද සිල්වා සහ සරයන්වරුන්වන 22787 වසන්ත 33544 කරුණාරත්න 5968 ජයතුංග යන නිලධාරීන් විමර්ශන කටයුතු සිදුකර ඇත.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img