මෝරවලට පැමිණි වාහනයක විදුරු බිද 40000 සොරාගෙන යාළුවන් කැදවා කුඩුපාටියක් දමලා

-

මිගමුවේ මෝරවල වෙරළ තිරයේ දේශීය දියනාමින් සිටියදී ඔවුන් පැමිණි වාහනයේ තිබු රුපියල් 48000 ක මුදලක් පැහැරගෙන කුඩු පාටියක්  දැමු මත්ලෝලීන් දෙදෙනෙකු මෙම මස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනලෙස මිගමුව  වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකලේ මිගමුව දුන්ගාල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි.

පින්නවල සිට පැමිණි දේශීය සංචරකයන් පිරසක් මුදල් පසුම්බි ඇතුළු වටිනා දේ වාහනය තුල තබා දියනානෑමට ගොස් ඇත.

මේ  අතරතුර   ගලකින් පහරදී වාහනයේ වීදුරුවක් බිද එහිතුල තිබු ජංගම දුරකථන දෙකක් සහ මුදල් රුපියල් 48000 ක් පැහැරගෙන තිබුණි.

සංචාරකයන් පිරිස මෙම සිද්ධිය පිලිබදව දුන්ගාල්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇතිඅතර විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතුකර තිබේ.

සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු ජංගම දුරකථන දෙක සමග මුදලින් රුපියල් 8000 ක්   පොලිසිය භාරයට ගෙන ඇත.

 

සොරකම් කරනලද  රුපියල් 48000 ක මුදලින් රුපියල් 40000 ක මුදලක් වියදම්කර  තමන් දෙදෙනා තවත් මත්ලෝලීන් පිරිසක් සමග එකතුවී මත්කුඩු පාටියක් දැමුබව වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් ප්‍රකාශකර තිබේ.

මෙම මංකොල්ලය සිදුව ඇත්තේ පසුගිය පුරපසලොස්වක පොහොය දිනයේය

දුන්ගාල් පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චමින්ද රණසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජ්යරත්නද සිල්වා සහ සරයන්වරුන්වන 22787 වසන්ත 33544 කරුණාරත්න 5968 ජයතුංග යන නිලධාරීන් විමර්ශන කටයුතු සිදුකර ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here