මුන්නක්කරය අබලන් පාලම හදන්නයි කාන්තාවන් 1000 පාලම උඩ

-

අබලන්ව පවතින පාලම වෙනුවට අලුත් පාලමක් දෙන්නයි ඉල්ලමින් මුන්නකරය සණස සමිතියේ සාමාජිකාවන් දහසකට ආසන්න පිරිසක් මුනක්කරය  පාලම මත අද 18  සවස සාමකාමී උද්ඝෝෂණයක් නිරතවිය.

මුනක්කරයත් සිරිවර්ධන පෙදෙසත් යාකරන සිරිකුරුස පාලම වසර කිහිපයක සිට අබලන්ව පවතින අතර කඩා වැටුණු අත්වැල් අතරින් පුද්ගලයන් කිහිපදෙනෙකු පහලට ඇදවැටී ඇතිබත් පාලමෙහි කණුඅබලන් වී ඇතිබැවින් පාලම කඩාවැටී විශාල විනාශයක් සිදුවිය හැකිබවත් උද්ඝෝෂණයේ නිරත කාන්තාවන් පැවසිය.

පාලම කඩාවැටී ජිවිත හනිසිදුවුවහොත් එහි වගකීම මැතිවරණ කාලවලදී පාලම හදාදීමට දුන්  පොරොන්දු කඩකල සියලු  දේශපාලකයන් බාරගතයුතු බවද  උද්ඝෝෂණයේ නිරතවූ  කාන්තාවන් චෝදනා කළේය.

නිසි ප්‍රමිතියකින් තොරව වරින්වර අබලන් පාලම අලුත්වැඩියා කළබව පවසන ප්‍රදේශවාසීන් පාලම මතින් අධික බර පටවන ලද වාහන ගමන්කිරීම වැළැක්වීමට පියව ගැනීමට බලධාරීන් අපොහොසත්ව ඇතිබවද පැවසිය

&;

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here