Facebook අවධානමක

ආරක්ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක් අනුගමනය කර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් යම් හදුනා නොගත් පාර්ශවයකගේ ග්‍රහණයට පරිශීලකයන්ගේ නොදැනුවත්භාවය මත නතුවීමේ ප්‍රවණතාවයක් මේ දිනවල සිදුවන බව සමාජ මාධ්‍ය හරහා හෙළිදරව් වී තිබේ.

මේ තත්ත්වය පිලිබදව යම් ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රමාණයක් තොරතුරු තාක්ෂණ සංගමය වෙත සිදුකරණ ලද දැනුම් දීම් පිලිබදව සොයා බැලීමේදී හෙළිදරව් වුයේ නාදුනන පුද්ගලයෙකු විසින් එවන ලද යොමුවක් හරහා ෆේස්බුක් අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් වෙත පිවිස තමන්ගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ මුරපද මෙන්ම පරිශීලක නාමයන් ලබාදීම නිසා එම දත්ත නාදුනන පාර්ශවයකගේ  ග්‍රහණයට ගොස් ඇති බවය.

එම දත්ත උපයෝගී කරගනිමින් නාදුනන පාර්ශවය ඒ අදාළ ෆේස්බුක් ගිණුමට ඇතුලත් වී එම ගිණුමෙහි ඊමේල් ලිපිනය හා මුරපදය වෙනස් කිරීමට ලක් කිරීමක් සිදුකරනු ලබන අතර එතැන් පටන් එම ෆේස්බුක් ගිණුමේ පාලනය එම ගිණුමේ හිමිකරුගෙන් මිදීගොස් නාදුනන පාර්ශවය ග්‍රහණයේ ගිණුමේ හිමිකරුගේ නමින් පාලනය වේ.

මෙසේ නාදුනන පාර්ශවය ග්‍රහණයට නතුවූ ෆේස්බුක් ගිණුම් නැවත ලබාගැනීමක් සිදුකල නොහැකි අතර හිමිකරුගේ පාලනයෙන් තොරවූ ෆේස්බුක් ගිණුම් ෆේස්බුක් අඩවිය වෙත වාර්තාකොට ඉවත්කිරීම වලක්වාලීම පිණිස මෙලෙස ගිණුම් ග්‍රහනයට නතුකරගන්නා පිරිස් ඔවුන් විසින් ග්‍රහණයට ලක්කරගන්නා ෆේස්බුක් ගිණුම් තාවකාලික ලෙස අක්‍රිය කොට තැබීමක් අනුගමනය කරයි.

යම් කාලයක් අක්‍රීයව තබන ලද ෆේස්බුක් ගිණුම් යම් කාලසීමාවක් යනවිට නැවත සක්‍රිය කොට එම ගිණුම් යොදාගනිමින් එම ෆේස්බුක් ගිණුමේ සිටින ෆේස්බුක් පරිශීලක මිතුරන්ට ගිණුම් හිමිකරු ආකාරයෙන් යොමු බෙදාහැරීමක් හදුනානොගත් පාර්ශවය විසින් සිදුකරනු ලබයි.

මෙසේ සමාජ මාධ්‍ය ගිණුම් හදුනානොගත් පාර්ශවයකගේ ග්‍රහණයට නතුකරගැනීම Phishing ලෙස හදුන්වනු ඇති.

යම් පුද්ගලයෙකුගේ අසභ්‍ය චායාරූප අඩංගු කොට ෆේස්බුක් ගිණුමක් යම් පිරිසක් විසින් සාදා ඇති බවත් එය ඉවත් කිරීමට ඔවුන් විසින් ලබාදෙන යොමුවට පිවිස ෆේස්බුක් මුරපද ලබාදී එම ෆේස්බුක් ගිණුමට පිවිසෙන ලෙසත් මෙම නාදුනන පාර්ශවය පවසන අතර තමන්ගේ ෆේස්බුක් මුරපද, පරිශීලක නාමයන් ලබාදීමේදී ඔබගේ වෙබ් බ්‍රව්සරයෙහි එම යොමුව www.facebook.com ලෙස සදහන් වනවානම් පමණක් ලබාදෙන ලෙසත් වෙබ් බ්‍රව්සරයෙහි යොමුව toddhelps.net හෝ වෙනත් නාමයකින් සදහන් වේනම් එවැනි යොමු සහිත වෙබ් අඩවි වලට ෆේස්බුක් මුරපද, පරිශීලක නාමයන් ඇතුලත් නොකරන ලෙසත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට අවවාද කර ඇත.

තවද ඔබගේ ෆේස්බුක් හෝ වෙනත් ඕනෑම සමාජ මාධ්‍ය පරිශීලක ගිනුමක ආරක්ෂාව ඉහල නැවීමට දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 factor authentication වැනි ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස ජනතාවට අප සංගමය දැනුම්දෙන අතර මෙවැනි ආරක්‍ෂිත ක්‍රමවේද සමාජ ජාල මාධ්‍ය අඩවි විසින් ඔවුන්ගේ පරිශීලකයන්ට ලබාදෙන බවත් ජනතාවට යම් ගැටළු ඇත්නම් ඒ සදහා අප සංගමය සම්බන්ධ කරගන්නා ලෙසත් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ප්‍රකාශ කර ඇත.

adaderana

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img