30 C
Negombo
30 C
Negombo

කුසපත් ඇදීමෙන් ජයගත් රවී ජිවානන් ද මිගමුව මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමේ නායකයා

-

මිගමුව මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට තාවකාලික නායකයෙක් තෝරා ගැනීම සදහා සිදුකල කුසපත් ඇදීමෙන් රවී ජීවානන්ද නාගරික  මන්ත්‍රීවරයා ජයගෙන ඇත.

කණ්ඩායම් නායකයා ලෙස කටයුතුකළ රොයිස් ප්‍රනාන්දු  මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් තාවකාලික කණ්ඩායම් නායකයෙකු පත්කර ගැනීම සදහා මිගමුව එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායක වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නාගරික මන්ත්‍රීවරුන්‌ගේ හමුවකදී   මෙම පත්කිරීම සිදුකර ඇත.

තාවකාලික කණ්ඩායම් නායකයත්වය  සදහා පස්දෙනෙකු ඉදිරිපත්ව ඇති අතර එක් අයෙකු තරගයෙන් ඉවත්ව ඇත.

මෙම අවස්ථාවේ   තාවකාලික කණ්ඩායම් නායකයෙකු පත්නොකළ යුතුයැයි ගිහාන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බවද දැනගන්නට ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.