31 C
Negombo
31 C
Negombo

පෙරියමුල්ලේ ලොරි ගිනිතැබූ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරයි

-

මීගමුවේ ප්‍රසිද්ධ ප්‍රවාහන ව්‍යාපාරිකයෙකුට අයත් ලොරි රථ 4ක්ට ගිනිතැබීමේ  සිද්දියසම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල මුද්‍රණ ශිල්පියා මෙම මස 31 දින දක්වා රක්‍ෂිත බන්ධනා ගාර ගතකර ඇත.

මෙසේ බන්ධනාගාර ගතකර ඇත්තේ මිගමුව වැල්ලවීදියේ පදිංචි 41 හැවරදිසුමුදු ලක්මාල් නමැත්තෙකි

ප්‍රවාහන කටයුතු පිළිබද ව්‍යාපාරයක් පවත්වාගෙන යන මීගමුවේ හලාවත පාරේ අංක 208 දරන ස්ථානයේ පදිංචි ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා විසින් ඔහුට අයත් ලොරිරථ  හතරක් 21 දින අලුයම් කාලයේ ගිනි තබා තිබු අතර ඒ නිසා ලක්‍ෂ 20 කට වැඩි අලාභයක් සිදුවී ඇතිබව පැමිණිල්ලේ සදහන්ව තිබුණි.

cctv දර්ශන ඔස්සේ විමර්ශන සිදුකර මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු වාහන වල සිට්කවර ඉරා ඒවාට ගිනිතබා ඇතිබව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.