අධ්‍යාපන ආයතන ආගම පමණක් පදනම් කරගෙන කටයුතු කිරීම සුදුසු නෑ- මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු

-

 

අපේ රට සම්පත්වලින් පිරුනු ස්වභාව ධර්මයේ ආශීර්වාද ලැබුනු රටක් අපේ රට දියුනුකරගැනීමට ඉවසීමත් දිරිය නොමැතිවීම කණගාටුවට කරුණක්.

අපේ ජනකොටස් අතර ඇති වැරදි වැටහීම නැතිකර එකිනෙකා තේරුම්ගෙන අපේරට දියුණු කරගැනීම සදහා එකිනෙකා අත්වැල් බැදගැනීමේ හැකියාව වර්ධනය කිරීම අධ්‍යාපනයෙන් සිදුවිය යුතුබව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරු හිමිපාණන් ප්‍රකාශ කළේය.

අගරදගුරු තුමන් මෙම අදහස් ප්‍රකාශ කලේ24 දින  මිගමුව බෝලවලාන 16 වන බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනයේ 2019 වර්ෂයේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සව සභාව   අමතමිනි.

ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයට අනුබද්ධිතව පවත්වාගෙන යන 16 වන බෙනඩික්ට්   උසස් අධ්‍යාපන ආයතනයේ තොරතුරු තාක්ෂනය සහ ඉංග්‍රීසි භාෂාව පිලිබදව ඩිප්ලෝමා පාටමාලාව නිමකළ සිසුසිසුවියන් 150 දෙනෙකු සදහා ඩිප්ලෝමා සහතික පිරිනැමීම මෙහිදී සිදුවිය.

අපි වැඩිපුර අවධානය යොමුකරන්නේ අප එකතුකරන දේවල්වලට නොවෙයි අපවෙන්කරන දේවල් වලටයි ඒකඉතාම අවාසනාවන්තතත්වයක්.හැමදෙනාම එකට එකතු නොවුනොත් අපේ රටට විදේශීය රටවල්වලින් එල්ලවන හානිය වලක්වා ගැනීමට නොහැකි වනබවද අගරදගුරුතුමන් පැවසිය

අධ්‍යාපන ආයතන ආගම පමණක් පදනම් කරගෙන කටයුතු කිරීම සුදුසු නැති බවත්  ආගම බෙදීම් සදහා යොදා නොගතයුතුයිද.ආගම ඇතුලාන්තය අධ්‍යාත්මිකකවදියුණු කරගැනීම සදහා යොදා නොගතහොත් කුමන තනතුරක් තනතුරක් දරුවත් ශිලාචාරව ජිවත් නොවුනොත්   එම පුද්ගලයා නිෂ්පල බවද ප්‍රකාශ කල  කාදිනල් හිමියන් 16 වන බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ කලේ ඕනෑම ආගමක ඕනෑම ජාතියක දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට බවද සදහන් කළේය.

මෙම අවස්ථාවට වතිකානුව නියෝජනය කරමින් පැමිණසිටිඅතිඋතුම් (Galtire cardinal Bassetti) ගුල්ටාරී කාදිනල් බෙසිට්ටි හිමිපාණන් සභාව අමතනු ලැබිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here