වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දුප්පත් ධීවරයන්ට කරදර කරනවා -මීගමුව මහනගර සභාව

හෝටල් සංවර්ධනය වෙද්දී කිසිම නීතියක් පනතක් ක්‍රියාත්මකවන්නේ නැහැ වෙරළ තිරයේ ජිවත්වන පාරම්පරික දුප්පත් ධිවර ජනතාවට සියළු නීති ක්‍රියත්මක වනබව නගරාධිපති දයාන් ලාන්සා මහතා  පවසයි.නගරාධිපති වරයා  මෙම තොරතුරු අනාවරණය කලේ මීගමුව මහනගර සභාවේ  අගෝස්තුමස මාසික මහා සභා රැස්වීමේදීය. නගරාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් ම්හානගර සභාවේ රැස්වීම ශාලාවේදී මාසික සභාරස්විම පැවැත්විණි

ගල්කිස්ස මිරිස්ස වෙරළ තිරවල කුඩාරම් ඉදිකිරීමට අවසර දෙනවා මීගමුවේ ඉඩදෙන්නේ නැහැ මීගමුවට එකනිතියක් ක්‍රයාත්මක වෙනවා එහෙම වෙන්න බැරිබවද පැවසූ  නගරාධිපති වරයා පැරණි ගොඩනැගිල්ලක  සුළු අලුත්වැඩියාවක් කලත් නඩුදමන බවත් මෙකරුණු පිලිබදව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමග සාකච්චා කර මේ ගැටළු විසදාගෙන ධීවරයන්ට සාධාරණයක් ඉටුකර දීමට කටයුතු කරනබවද  සදහන් කළේය.

 මොහොමඩ් බ්ෆ්ෆාර්ඩින් මොහොමඩ් ඉහ් සාන් නාගරික මන්ත්‍රී වරයා(අකිල ඉලංගෙයි මහජන කොන්ග්‍රසය)  ඉදිරිපත්කල  “වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින නීති පද්ධතිය හා  එම නීති ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අපහසුවට පත්වන වෙරළබඩ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට යම්කිසි සහනයක් සැළසිය යුතුය යන යෝජනාව පිලිබදව අදහස් පළකරමින් නගරාධිපති වරයා ඉහත කරුණු දැක්වීම සිදුකළේය.

නාගරික මන්ත්‍රී කැලිස්ටර් ජයකොඩි (එජාප )

වෙරළ සංරක්ෂණයේ සමහර නිලධාරී හිතාමතාම දුප්පත් ධිවර ජනතාවට කරදර කරනවා මානුෂිකව බලන්නේ නැහැසමහර නිලධාරීන්ගේ සහයෝගයෙන් මහාපරිමාණ හෝටල් තනා වෙරළ තිරය අත්පත්කරගෙන තිබෙනවා.

නාගරික මන්ත්‍රී ඇන්ටනි ජයවීර (ශ්‍රීලංකා පොදුජන පෙරමුණ)

වෙරළ සංරක්ෂණ පනතේ විධිවිධාන අනුව මීටර් 45 ක් ඇතුලත අවසර ලබාගෙන ඉදිකිරීමක් කරන්න පුළුවන් කම තිබෙනවා සමහර නිලධාරීන් ජනතාව තලාපෙලිම සදහා නිතිය යොදාගැනීම කණගාටුවට කරුණක් පාර්ලිමේන්තුවට ගේන පනත්වලට අත උස්සලා පස්සේ කියනවා මට වැරදීමක් උනා කියලාකණගාටුයි  මෙවැනි කණ්ඩායමක් තමයි රටේ නිති හදන්නේ.

මීගමුවේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලය ඉදිකරන්නෙ මීටර් 10 සීමාව උල්ලංඝනය කරමින් නීති රකින්න සිටින අය නීති කඩනවා.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img