30 C
Negombo
30 C
Negombo

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දුප්පත් ධීවරයන්ට කරදර කරනවා -මීගමුව මහනගර සභාව

-

හෝටල් සංවර්ධනය වෙද්දී කිසිම නීතියක් පනතක් ක්‍රියාත්මකවන්නේ නැහැ වෙරළ තිරයේ ජිවත්වන පාරම්පරික දුප්පත් ධිවර ජනතාවට සියළු නීති ක්‍රියත්මක වනබව නගරාධිපති දයාන් ලාන්සා මහතා  පවසයි.නගරාධිපති වරයා  මෙම තොරතුරු අනාවරණය කලේ මීගමුව මහනගර සභාවේ  අගෝස්තුමස මාසික මහා සභා රැස්වීමේදීය. නගරාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් ම්හානගර සභාවේ රැස්වීම ශාලාවේදී මාසික සභාරස්විම පැවැත්විණි

ගල්කිස්ස මිරිස්ස වෙරළ තිරවල කුඩාරම් ඉදිකිරීමට අවසර දෙනවා මීගමුවේ ඉඩදෙන්නේ නැහැ මීගමුවට එකනිතියක් ක්‍රයාත්මක වෙනවා එහෙම වෙන්න බැරිබවද පැවසූ  නගරාධිපති වරයා පැරණි ගොඩනැගිල්ලක  සුළු අලුත්වැඩියාවක් කලත් නඩුදමන බවත් මෙකරුණු පිලිබදව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමග සාකච්චා කර මේ ගැටළු විසදාගෙන ධීවරයන්ට සාධාරණයක් ඉටුකර දීමට කටයුතු කරනබවද  සදහන් කළේය.

 මොහොමඩ් බ්ෆ්ෆාර්ඩින් මොහොමඩ් ඉහ් සාන් නාගරික මන්ත්‍රී වරයා(අකිල ඉලංගෙයි මහජන කොන්ග්‍රසය)  ඉදිරිපත්කල  “වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින නීති පද්ධතිය හා  එම නීති ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අපහසුවට පත්වන වෙරළබඩ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට යම්කිසි සහනයක් සැළසිය යුතුය යන යෝජනාව පිලිබදව අදහස් පළකරමින් නගරාධිපති වරයා ඉහත කරුණු දැක්වීම සිදුකළේය.

නාගරික මන්ත්‍රී කැලිස්ටර් ජයකොඩි (එජාප )

වෙරළ සංරක්ෂණයේ සමහර නිලධාරී හිතාමතාම දුප්පත් ධිවර ජනතාවට කරදර කරනවා මානුෂිකව බලන්නේ නැහැසමහර නිලධාරීන්ගේ සහයෝගයෙන් මහාපරිමාණ හෝටල් තනා වෙරළ තිරය අත්පත්කරගෙන තිබෙනවා.

නාගරික මන්ත්‍රී ඇන්ටනි ජයවීර (ශ්‍රීලංකා පොදුජන පෙරමුණ)

වෙරළ සංරක්ෂණ පනතේ විධිවිධාන අනුව මීටර් 45 ක් ඇතුලත අවසර ලබාගෙන ඉදිකිරීමක් කරන්න පුළුවන් කම තිබෙනවා සමහර නිලධාරීන් ජනතාව තලාපෙලිම සදහා නිතිය යොදාගැනීම කණගාටුවට කරුණක් පාර්ලිමේන්තුවට ගේන පනත්වලට අත උස්සලා පස්සේ කියනවා මට වැරදීමක් උනා කියලාකණගාටුයි  මෙවැනි කණ්ඩායමක් තමයි රටේ නිති හදන්නේ.

මීගමුවේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලය ඉදිකරන්නෙ මීටර් 10 සීමාව උල්ලංඝනය කරමින් නීති රකින්න සිටින අය නීති කඩනවා.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.