29 C
Negombo
29 C
Negombo

මදුරුවන්ගෙන් තොර මිගමුවක් දවල් හීනයක් ද ?

-

මිගමුව මහනගරසභා බලප්‍රදේශයේ ඩෙංගු රෝගීන් වාර්තාවීම වැඩිවෙමින් පවතින අතර පවතින මෝසම් වැසි තත්වයත් සමග තවදුරටත් ඉහල යාමේ අවදානමක් පවතී.

ඩෙංගු ඇතුළු මදුරු ගහනය වැඩිවීම පාලනය කිරීමේදී වැදගත්ම සාධකය වන්නේ පරිසරය පවිත්‍රව තබා ගැනීම සහ මදුරුවන් බෝවියහැකි ජලය එක්රැස්වන ස්ථාන අවම කිරීමයි.

මදුරුවන්ගෙන් තොර මිගමුවක් සෞඛ්‍ය අංශය සකස්කරන ලද සැලසුම්  වර්ණවත් ලිපිගොනු අත්පත්‍රිකා සහ ප්‍රකාශ වලට පමණක් සීමාවී දවල් හීනයක් බවට පත්ව ඇත.

නිවෙස්වල මදුරුකිටයෙක් සිටියහොත් නඩු දමන මීගමුවනගර සභාවේ  සෞඛ්‍ය අංශයට නගර සභාවට අයත් පරිශ්‍රවල මදුරු කීටයන් ලදු කැලෑ මෙන්ම ඒවායේ තිබෙන ජලය රැදෙන හිස් භාජන පෙනෙන්නේ නැත.

මිගමුව නගර සභාවට අයත් මිගමුව බස් නැවතුම් පොළ අසල ඇති  තැබෑරුම් වත්ත නමින්හදුන්වන අත්හැර දමා ඇති ඉඩමේ ගොඩගැසී ඇති කුණුගොඩවල් සහ හිස් භාජන සහිත  මෙම ජයාරූප අද 30 දින සවස 05.30 පමණ  අප ගේ ජයාරූප ශිල්පියාගේ කැමරා කාචයේ සටහන්ව ඇත.

මෙම ඉඩමේ උත්සව සමයේ රථවාහන නතරකිරිම සදහා නොමිලයේ CIB ආයතනයට ලබාදෙන බව නාගරික කොමසාරිස් වරියවිසින් ලිකිතව අපවෙත දන්වා ඇත.නොමිලයේ ලබාදෙන රථගාල නඩත්තු කිරීම සදහාවත් එම ආයතනය සමග එකගතාවයකට පැමිණීමටනොහැකිවී ඇත.

අතර නගරාධිපති තුමාගේ දවසකට එක වැඩක් වැඩසටහනට අමතරව දවසකට තවවැඩක් ආරම්භකර හෝ මෙවැනි ස්ථාන පවිත්‍ර කිරීම සෞඛ්‍ය අංශයේ වගකීමකි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.