මදුරු තවාන්දැමු සසෙක්ස් විදුහල්පතිට 25000 දඩයක්

මදුරු කීටයන් සහිත පරිශ්‍ර පවත්වාගෙන ගිය අක්කර පනහ සසෙක්ස් පෞද්ගලික පාසලේ විදුහල් පතිවරයා ඇතුළු 40 දෙනෙකුටමිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය විසින්  රුපියල් 349000 ක දඩ නියමකළේය.

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් සිදුකරන ලද පරීක්‍ෂා කිරීම්වලදී මදුරුකිටයන් සිටිය පරිශ්‍ර හිමිකරුවන්ට එරෙහිව නඩුපවරා තිබුණි

කදසුරිදුගම සමුර්ධිගම. ජනජය ගම කුරුන්ද යන ප්‍රදේශවල 38 දෙනෙකුට රුපියල් 8000 ස බැගින් දඩ නියමකළ අතර සසෙක්ස් විදුහලේ විදුහල් පතිවරයාට රුපියල් 25,000 ක දඩයක්ද පොලිතින් කම්හලේ කළමනාකරුට රුපියල් 20000 ක් දඩයක්ද නියමවිය.

ජලය එකතු වීමට ඉඩසලසමින්  තැන තැන අතහැර දමනලද ප්ලාස්ටික් බාජන පැරණිටයර් සහ හිස් බාජන වල මදුරුකිටයන් සිටිබවත් නඩු දමනු ලැබුවේ ඒ අයට බවත් මෙම වැටලීම් මෙහෙයවූ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක  එස් ඒ යු ඩි කුලතිලක මහතා පැවසිය.

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුරනි මාලා මහත්මිය ගේ උපදෙස් අනුව දෙමන්හන්දිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක  ආර් සම්පත්  නලින්ද මහතා විසින් මෙම වැටලීම් සිදුකර තිබුණි.

මෙම වැටලීම් සිදුකල ප්‍රදේශවල ඩෙංගු රෝගය වසංගත තත්වයක පවතින අතර මේ මාසය තුල පමණක් අක්කර පනහ සමුර්ධි ගමේ දෙදෙනෙකු ඩෙංගු රෝගයෙන් මියගියේය

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img