32 C
Negombo
32 C
Negombo

මදුරු තවාන්දැමු සසෙක්ස් විදුහල්පතිට 25000 දඩයක්

-

මදුරු කීටයන් සහිත පරිශ්‍ර පවත්වාගෙන ගිය අක්කර පනහ සසෙක්ස් පෞද්ගලික පාසලේ විදුහල් පතිවරයා ඇතුළු 40 දෙනෙකුටමිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය විසින්  රුපියල් 349000 ක දඩ නියමකළේය.

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් සිදුකරන ලද පරීක්‍ෂා කිරීම්වලදී මදුරුකිටයන් සිටිය පරිශ්‍ර හිමිකරුවන්ට එරෙහිව නඩුපවරා තිබුණි

කදසුරිදුගම සමුර්ධිගම. ජනජය ගම කුරුන්ද යන ප්‍රදේශවල 38 දෙනෙකුට රුපියල් 8000 ස බැගින් දඩ නියමකළ අතර සසෙක්ස් විදුහලේ විදුහල් පතිවරයාට රුපියල් 25,000 ක දඩයක්ද පොලිතින් කම්හලේ කළමනාකරුට රුපියල් 20000 ක් දඩයක්ද නියමවිය.

ජලය එකතු වීමට ඉඩසලසමින්  තැන තැන අතහැර දමනලද ප්ලාස්ටික් බාජන පැරණිටයර් සහ හිස් බාජන වල මදුරුකිටයන් සිටිබවත් නඩු දමනු ලැබුවේ ඒ අයට බවත් මෙම වැටලීම් මෙහෙයවූ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක  එස් ඒ යු ඩි කුලතිලක මහතා පැවසිය.

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුරනි මාලා මහත්මිය ගේ උපදෙස් අනුව දෙමන්හන්දිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක  ආර් සම්පත්  නලින්ද මහතා විසින් මෙම වැටලීම් සිදුකර තිබුණි.

මෙම වැටලීම් සිදුකල ප්‍රදේශවල ඩෙංගු රෝගය වසංගත තත්වයක පවතින අතර මේ මාසය තුල පමණක් අක්කර පනහ සමුර්ධි ගමේ දෙදෙනෙකු ඩෙංගු රෝගයෙන් මියගියේය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.