ඒත්තුකාල සම්බාහනමධ්‍යස්ථාන අයිති කරුට කඩුවකින් කෙටු තුනක් රිමාන්ඩ්

මිගමුව ඒත්තුකාල සම්බාහන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට කඩුවකින් සහ යකඩ පොලුවලින් පහරදී  බරපතල තුවාල සිදුකල සැකකරුවන් තිදෙනෙකු සැප්තැම්බර මස 10 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා 29 දින නියෝග කළේය.

ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම සම්බාහන මධ්‍යස්ථාන හිමිකරුට පහරදී පලාගොස් තිබුණු අතර අගෝස්තු මස 19 වනදින මිගමුව පොලිසියේ අපරාධවිමර්ෂ අංශයට මේ අපරධය පිලිබදව වාර්තාවී තිබුණි.

අපරාධවිමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජේ එම එස් ජයනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකල දීර්ඝ විමර්ශනයකින් පසු පහරදීමට පැමිණි ත්‍රිරෝද රථය හදුනාගෙන ඇතිඅතර බටහිර දුම්මල දෙනියේ පදිංචි ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන සිදුකල විමර්ශන වලින් පසුව මෙම පහරදීමට පැමිනිබවට සැකපිට වෙන්නප්පුවේ පදිංචිකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී ඇත.

මොවුන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇති තොරතුරු අනුව සම්බාහන ආයතනයේ හිටපු  කළමනාකරු විසින් දෙනලද කොන්ත්‍රාත්තුවක් අනුව මෙම පහරදීම සිදුකර ඇතිබවට තොරතුරු අනාවරණයවී ඇත.

පහරදීමට සම්බන්ධ කළමනාකරු සහ තවත් දෙදෙනෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය මහතගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී රන්ජන් කොට්ටච්චි මහතාගේ අධීක්ෂණයෙන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුල්ටර් මහතගේ මෙහෙයවීමෙන් සිදුකල මෙම විමර්ශන කටයුතු සදහා උපපොලිස් පරීක්ෂක චාමර ප්‍රදීප් පොලිස් කොස්තාපල්වරුන් වන 45148 පෙරේරා 88256 හදුන්නෙත්ති යන නිලධාරීන් සහභාගී විය.

නඩුකටයුතු මෙහෙයවන පොලිස් කොස්තාපල් නවරත්න බණ්ඩාර මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img