දළුපොත මන්ත්‍රී වත්තේ 33 වන උපන්දිනයට කුඩුපාටියක් දැමු සංචාරක හෝටල් සේවකයෙකු ඇතුළු 13 ක් කුඩුත් සමග අත්අඩංගුවට

-

හසිස් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරමින් උපන්දින සාදයක් පැවැත්වූ සංචාරක හෝටල් සේවකයෙකු ඇතුළු 13 දෙනෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමග කොචිකඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොච්චිකඩේ පොලිස්වසමේ දළුපොත මන්ත්‍රී වත්තේ වැඩකදවුර පාරේ නිවසක සංචාරක  හෝටල් සේවකයෙකු විසින් මත්ලෝලී පිරිසක් සමග   මත්ද්‍රව්‍ය භාවිතා කරමින්  උපන්දින  සාධයක් පව්ත්වනබවට මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය මහතාට ලැබුණු ඔත්තුවකට අනුව මෙම වැටලීම සිදුකලේ  කොච්චිකඩේ පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසිනි.

පොලිසිය සිදුකල වැටලීමේදී සාදය සදහා මත්ද්‍රවය අලවිකල බවට සැකපිට සාදය පවතී නිවසේ දී මිගමුව පෙරියමුල්ලේ රාහුමනා බාත්හි පදිංචි කරුවෙකු වන මොහොමදු ඉර්ෆාම් නමැති ජාවාරම් කරුද අත්අඩංගුවට ගෙන ඇතිඅතර මත්ද්‍රව්‍ය අලවිකර ලබාගන්නා ලද මුදල් ලෙස සැකකරන රුපියල් 66000 දහසක මුදලක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම වැටලීමේදී හසිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්650 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7මිලිග්‍රෑම් 70 ක් ද අත්අඩංගුවට ගෙන ඇතිඅතර වැඩිදුර විමර්ශන වලින් පසුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

සහකාර පොලිස් අධිකාරී නිමල් බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි කොච්චිකඩේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධානපොලිස් පරීක්ෂක චන්ද්‍ර පද්මාල් මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සරත් මහතා සමග එම අංශයේ උපපොලිස් පරීක්ෂක අශෝක කාන්තා උපපොලිස් පරීක්ෂක චමලි පොලිස් කොස්තාපල් වරුන් වන හපුආරච්චි සහ නුවන් යන නිලධාරින්ද මෙම වැටලීම සහ විමර්ශන කටයුතු සදහා සහභාගිවිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here