දළුපොත මන්ත්‍රී වත්තේ 33 වන උපන්දිනයට කුඩුපාටියක් දැමු සංචාරක හෝටල් සේවකයෙකු ඇතුළු 13 ක් කුඩුත් සමග අත්අඩංගුවට

හසිස් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරමින් උපන්දින සාදයක් පැවැත්වූ සංචාරක හෝටල් සේවකයෙකු ඇතුළු 13 දෙනෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමග කොචිකඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොච්චිකඩේ පොලිස්වසමේ දළුපොත මන්ත්‍රී වත්තේ වැඩකදවුර පාරේ නිවසක සංචාරක  හෝටල් සේවකයෙකු විසින් මත්ලෝලී පිරිසක් සමග   මත්ද්‍රව්‍ය භාවිතා කරමින්  උපන්දින  සාධයක් පව්ත්වනබවට මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය මහතාට ලැබුණු ඔත්තුවකට අනුව මෙම වැටලීම සිදුකලේ  කොච්චිකඩේ පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසිනි.

පොලිසිය සිදුකල වැටලීමේදී සාදය සදහා මත්ද්‍රවය අලවිකල බවට සැකපිට සාදය පවතී නිවසේ දී මිගමුව පෙරියමුල්ලේ රාහුමනා බාත්හි පදිංචි කරුවෙකු වන මොහොමදු ඉර්ෆාම් නමැති ජාවාරම් කරුද අත්අඩංගුවට ගෙන ඇතිඅතර මත්ද්‍රව්‍ය අලවිකර ලබාගන්නා ලද මුදල් ලෙස සැකකරන රුපියල් 66000 දහසක මුදලක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම වැටලීමේදී හසිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්650 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7මිලිග්‍රෑම් 70 ක් ද අත්අඩංගුවට ගෙන ඇතිඅතර වැඩිදුර විමර්ශන වලින් පසුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

සහකාර පොලිස් අධිකාරී නිමල් බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි කොච්චිකඩේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධානපොලිස් පරීක්ෂක චන්ද්‍ර පද්මාල් මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සරත් මහතා සමග එම අංශයේ උපපොලිස් පරීක්ෂක අශෝක කාන්තා උපපොලිස් පරීක්ෂක චමලි පොලිස් කොස්තාපල් වරුන් වන හපුආරච්චි සහ නුවන් යන නිලධාරින්ද මෙම වැටලීම සහ විමර්ශන කටයුතු සදහා සහභාගිවිය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img