පළාත් සභා දිගටම ආණ්ඩුකාර පාලනයේ – ජන්දය පරණ ක්‍රමයටත් බෑ අලුත් ක්‍රමයටත් බෑ

-

පෙර පැවති නීතිය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීරණයක් ලෙස එය ප්‍රකාශයට පත් කර ඇති බවයි.

සීමා නිර්ණ කමිටුව අමාත්‍යාවරයාට භාරදුන් වාර්තාවේ සඳහන් සීමා මායිම් ප්‍රකාශයට පත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බැවින් පවතින පළාත් සභා සංශෝධන පනත යටතේ මැතිවරණය පැවැත්වීමට ද නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මතය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා පසුගියදා අධිකරණයෙන් සිදුකළ මත විමසීමට අනුවයි.

පළාත් සභා ඡන්ද විමසීමට අඳාළ ශේෂ්ඨාධිකරණයේ මතය පිළිබඳ ජනාධිපති ලේකම් නිකුත් කළ මාධ්‍ය නිවේදනය

 pre11pre22pre33

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here