2020 මීගමුව මහා නගර සභාවේ වරිපනම් බදු 1% කින් වැඩිවෙයි යෝජනාව වැඩිජන්දයෙන් සම්මතයි

-

2020 වර්ෂය සඳහා මීගමුව මහා නගර සභාවේ ප්‍රධාන කාර්යාලයට අයත් ප්‍රදේශයේ ගෘහස්ත දේපලවලට අදාළව වරිපනම් බදු අය කිරීමේ ප්‍රතිශතය 5% සිට 6%  දක්වා 1% කින්ද කොච්චිකඩේ හා තලාහේන උප කාර්යාලයට අයත් ප්‍රදේශවල ව්‍යාපාර ස්ථානවලට වරිපනම් බදු අය කිරීමේ ප්‍රතිශතය 12% සිට 13% දක්වා 1% කින් ද වැඩි කිරීමේ යෝජනාව  මෙමමස  5 වනදින පැවති මාසික මහාසභා රැස්වීමේදී වැඩි ජන්දයෙන්  සභා සම්මතවිය.

යෝජනාව පිළිබද විවාදයේදී  ප්‍රධාන කාර්යාල බලප්‍රදේශයේ බදු ප්‍රතිශතය වැඩිකිරීමට විරුද්ධ බව පොදුජන එක්සත් පෙරමුණේ දයාල් නිලංග ද සිල්වා මන්ත්‍රීවරයා  ප්‍රකාශ කල නිසා දයාන් ලාන්සා නගරාධිපතිවරයා  යෝජනාව සදහා ජන්දය විමසීමක් සිදුකල අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා පමණක් විරුද්ධව ජන්දය ප්‍රකාශකල අතර ව්රෝධය ප්‍රකාශකල  දයාල් නිලංග ද සිල්වා මන්ත්‍රීවරයා  ජන්දය දීමෙන් වැලකි සිටියේය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here